spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනතාවගේ කරපිටට තවත් බද්දක්

2025 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි දේපළ බද්දක් හඳුන්වා දීම සඳහා අවධානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

IMF එකඟතාවල ද මෙම දේපළ බද්ද සම්බන්ධයෙන් යෝජනා වී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම බදු ක්‍රමයට ජනතාවගේ වාහන හෝ නිවාස වැනි සාමාන්‍ය දේපළ අයිති නොවන අතර ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වයන් අනුව ඉන් එහා ගිය විශාල දේපළක් ඇති පුද්ගලයන්ගෙන් අය කෙරෙන බව ද ඔහු ප්‍රකාශ කළා.

මෙය ක්ෂණිකව ක්‍රියාත්මක කළ හැකි බදු ක්‍රමයක් නොව ගැඹුරින් අධ්‍යයනය කර සිදු කළ යුතු කටයුත්තක් බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙමගින් පළාත් පාලන ආයතනවල ආදායම ඉහළ යාම ද සිදුවන අතර එමගින් ප්‍රදේශයේ යටිතල පහසුකම් වෙනුවෙන් යෙදවීමට හැකිවන බව ද ඔහු කියාසිටියා.

පළාත් පාලන ආයතනවල ආදායම ඉහළ යාම මගින් ප්‍රදේශයේ දියුණුවට පහසුකම් සැලසෙන බැවින් මෙය ඉතා ප්‍රගතිශීලී බද්දක් බව රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරනවා.

මෙය ඉතා ප්‍රගතශීලී බදු ක්‍රමයක් මෙන්ම ගෙවිය හැකි පුද්ගලයින්ගෙන් පමණක් ලබා ගන්නා බද්දක් බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
9
+1
2
+1
0
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?