කැන්ගරුවන්ගෙන් කිවියන්ට දැවැන්ත ඉලක්කයක්

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය සහ ඕස්ට්‍රලියාව අතර තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රලියාව පන්දුවාර 49යි පන්දු 02ක් තුළ කඩුලු සියල්ල දැවී ලකුණු 388ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

සාර්ථක ආරම්භයක් ඕස්ට්‍රලියාවට ලබාදුන් ආරම්භක පිතිකරුවන්වන ඩේවිඩ් වෝනර් ලකුණු 81ක් සහ ට්‍රැවිස් හෙඩ් ලකුණු 109ක් රැස් කිරීමට සමත් වුණා.

ඊට අමතරව වේගවත් ඉනිම් දෙකක් ක්‍රීඩා කළ ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 41ක් සහ නායක පැට් කමින්ස් ලකුණු 37ක් ඕස්ට්‍රලියානු ලකුණු පුවරුවට එක් කළා.

නවසීලන්ත නායක ටොම් ලේතම් පන්දු යැවීමට නවසීලන්ත පන්දු යවන්නන් 08 දෙනෙකු යොදාගත්ත ද ඒ සෑම පන්දු යවන්නෙකුම දැඩි ප්‍රහාරයන්ට ලක්වන ආකාරය දැකගත හැකි වුණා.

කඩුලු දවාගැනීමේ දී ග්ලෙන් ෆිලිප්ස් ඕස්ට්‍රලියානු ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමූ අතර, ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 03ක් දවා ගත්තා.

ඒ, අනුව මෙම තරගය ජය ගැනීමට නවසීලන්තයට ලකුණු 389ක දැවැන්ත ඉලක්කයක් හිමිව තිබෙනවා.

මේ අතර ලෝක කුසලාන තරගාවලියේ නෙදර්ලන්තය සහ බංග්ලාදේශය අතර තරගය කොල්කටා හිදී මේ වනවිට ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09