රිය ධාවනය කරන්නන්ට කොස්ලන්ද පොලිසියෙන් දැනුම්දීමක්

ඇල්ල – වැල්ලවාය මාර්ගය පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් අවහිර වී තිබෙනවා.

රන්දෙණිය කොටසෙන් පස් කන්දක් මාර්ගයට කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් මාර්ගයේ පවතින අවහිරතා මත රථ වාහන බොහෝමයක් බෙරගල – වැල්ලවාය මාර්ගය භාවිතා කිරීමට පටන්ගෙන ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.

අයහපත් කාලගුණය හේතුවෙන් ඇදහැලෙන වර්ෂාව හේතුවෙනුයි මෙලෙස පස් කන්දක් කඩා වැටී ඇත්තේ.

කෙසේවෙතත් බෙරගල – වැල්ලවාය මාර්ගයට මේ වන තෙක් මාර්ග අවහිරතා ඇති වී නැති බවට ද කොස්ලන්ද පොලිසිය පැවසුවා.

එහෙත් අධික වර්ෂාපතනයක් මේ වනවිටත් පවතින බැවින් රියදුරන්ට පරික්ෂාකාරී ව රිය ධාවනය කරන ලෙසටයි පොලිසිය රියදුරන්ට උපදෙස් දී ඇත්තේ.

බෙරගල – වැල්ලවාය මාර්ගය තුළට පස් කණ්ඩි කඩාවැටීමේ හා මාර්ගයට ගල් පෙරලීමේ අවදානම් ස්ථාන ඇති බැවින් සුපරික්ෂාකාරී ලෙස රථ ධාවනයට යොමුවන ලෙසට ද පොලිසිය රියදුරන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

විශේෂයෙන් බෙරගල සිට මුල් 5km තුළ මාර්ගය පටුවීම හා ඒ දෙපස අවදානම් ලෙස ගල් පිහිටා ඇති බැවින් එම කොටසේ දී වඩාත් පරීක්ෂාකාරී විය යුතු බවටයි බණ්ඩාරවෙල විධායක ඉංජිනේරුවරයා පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැකර්ලා Hack කරපු එකක් වෙලා නෑ - ගම්මන්පිල සියල්ල හෙළිකරයි..මාරු කරපු ගිණුම පැලවත්තේ එකක්ද ?
04:07
Video thumbnail
හොරාගේ අම්මගෙන් නෙවෙයි දැන් පේන අහන්නේ හොරාගෙන්..එළියට නොදා මේක වහගන්නද බැලුවේ?
11:56
Video thumbnail
ලාල්කාන්ත අවු:14ක් තිස්සේ කරපු සෙල්ලම් ඔක්කොම එළියට ?..ලාල්ව වහාම අත්අඩංගුවට ගන්න
04:56
Video thumbnail
ගාල්ල බද්දගම මාර්ගය නිසා දැඩි උණුසුම් තත්ත්වයක් - උනුත් එකයි මුනුත් එකයි..අපේ පාර කඩලා
04:50
Video thumbnail
කොහොමද ඒ කඹ ඇදිල්ල..වැල්ලවායේ පොලිසිය පවුලේ අය එක්ක තිබ්බ අවුරුදු උත්සවය..
02:23
Video thumbnail
අස්ථානගත වූ මුදල්වල වරදකරු හොයන්න සත්‍ය ගවේශකයෝ පෙරට - රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ මේ
01:18
Video thumbnail
සනත්ගෙයි ජෙරම්ගෙයි තනතුරේ ආරවුල ඈෂ්ලිද සිල්වා ලිහයි.."මේ නම දාලා තියෙන්නේ..බලන්න"
02:31
Video thumbnail
තිස්සකුට්ටි ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි..කට ඇරියොත් බොරු කියන්නේ..සත පහක වගකීමක් නෑ
01:27
Video thumbnail
ආණ්ඩුව මහ දවල් මුදල් අමාත්‍යංශය මංකොල්ල කාලා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07