ප්‍රංශ ජනපති හමාස්ට එරෙහි ව ඊශ්‍රායලයට සහාය පළ කරයි

ප්‍රංශ ජනාහ්දිපති එමානුවෙල් මැක්‍රෝන් ඊශ්‍රායලයේ සංචාරයක නිරත ව තිබෙනවා.

මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායලය විසින් එල්ල කරනු ලබන යුද ප්‍රහාර බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ වනවිට සති දෙකකට ආසන්න කාලයක සිට ඊශ්‍රායලය විසින් දකුණු ගාසා තීරයට නො නවත්වාම ප්‍රහාර එල්ල කරනවා.

ඒ පසුගිය 09 වැනි දින ඊශ්‍රායලයට හමාස් ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන අමානුෂික ප්‍රහාරයන්ට පිළිතුරු වශයෙනුයි.

එම ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ සිවිල් වැසියන් 1200කට අධික සංඛ්‍යාවක් ඝාතනයට ලක් වූ අතර, දරුවන්, වැඩිහිටියන් සේ ම කාන්තාවන් ව ප්‍රාණකරුවන් ලෙස පලස්තීනයේ හමාස් භාරයේ පසුවුණා.

සමහරුන් ව ප්‍රසිද්ධියේ ම ගෙළ කපා ඝාතනය කිරීමේ දර්ශන ද ඔවුන් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.

මෙම සිදුවීම් සමග ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන් යාහු සඳහන් කළේ හමාස් ත්‍රස්තවාදීන් ව සමූල ඝාතනය කරන බවට තමන් පොරොන්දු වන බවයි.

ඉන් අනතුරුව දෙපාර්ශ්වය අතර යුද්ධයක් දක්වා මෙය යළිත් වර්ධනය වූයේ.

මෙවන් පසුබිමක පසුගියදා ඊශ්‍රායලයට සහයෝගය පළ කරමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ ද පැමිණීම සිදු වුණා.

ඉන් දින කිහිපයකට පසුවයි ප්‍රංශ ජනපතිගේ අද දිනයේ සිදු වූ මෙම සංචාරය සිදු ව ඇත්තේ.

මැක්‍රෝන් ජනාධිපතිවරයා ඊශ්‍රායලය අමතමින් පවසා ඇත්තේ සිය පළමු අරමුණ වන්නේ ගාසා තීරයේ සිරකරගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම බවයි.

ඊට ප්‍රංශයේ උපරිම සහාය ඊශ්‍රායලය වෙත හිමිවන බව ද ඔහු අවධාරණය කර තිබෙනවා.

ජෙරුසෙලමේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැක්‍රෝන් සඳහන් කර ඇත්තේ හමාස් සිදු කළ මිලේච්ඡ ක්‍රියාවන් කිසිදා අමතක නොවනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?