ප්‍රංශ ජනපති හමාස්ට එරෙහි ව ඊශ්‍රායලයට සහාය පළ කරයි

ප්‍රංශ ජනාහ්දිපති එමානුවෙල් මැක්‍රෝන් ඊශ්‍රායලයේ සංචාරයක නිරත ව තිබෙනවා.

මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායලය විසින් එල්ල කරනු ලබන යුද ප්‍රහාර බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ වනවිට සති දෙකකට ආසන්න කාලයක සිට ඊශ්‍රායලය විසින් දකුණු ගාසා තීරයට නො නවත්වාම ප්‍රහාර එල්ල කරනවා.

ඒ පසුගිය 09 වැනි දින ඊශ්‍රායලයට හමාස් ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන අමානුෂික ප්‍රහාරයන්ට පිළිතුරු වශයෙනුයි.

එම ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ සිවිල් වැසියන් 1200කට අධික සංඛ්‍යාවක් ඝාතනයට ලක් වූ අතර, දරුවන්, වැඩිහිටියන් සේ ම කාන්තාවන් ව ප්‍රාණකරුවන් ලෙස පලස්තීනයේ හමාස් භාරයේ පසුවුණා.

සමහරුන් ව ප්‍රසිද්ධියේ ම ගෙළ කපා ඝාතනය කිරීමේ දර්ශන ද ඔවුන් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.

මෙම සිදුවීම් සමග ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන් යාහු සඳහන් කළේ හමාස් ත්‍රස්තවාදීන් ව සමූල ඝාතනය කරන බවට තමන් පොරොන්දු වන බවයි.

ඉන් අනතුරුව දෙපාර්ශ්වය අතර යුද්ධයක් දක්වා මෙය යළිත් වර්ධනය වූයේ.

මෙවන් පසුබිමක පසුගියදා ඊශ්‍රායලයට සහයෝගය පළ කරමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ ද පැමිණීම සිදු වුණා.

ඉන් දින කිහිපයකට පසුවයි ප්‍රංශ ජනපතිගේ අද දිනයේ සිදු වූ මෙම සංචාරය සිදු ව ඇත්තේ.

මැක්‍රෝන් ජනාධිපතිවරයා ඊශ්‍රායලය අමතමින් පවසා ඇත්තේ සිය පළමු අරමුණ වන්නේ ගාසා තීරයේ සිරකරගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම බවයි.

ඊට ප්‍රංශයේ උපරිම සහාය ඊශ්‍රායලය වෙත හිමිවන බව ද ඔහු අවධාරණය කර තිබෙනවා.

ජෙරුසෙලමේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැක්‍රෝන් සඳහන් කර ඇත්තේ හමාස් සිදු කළ මිලේච්ඡ ක්‍රියාවන් කිසිදා අමතක නොවනු ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56