විදෙස් ශ්‍රමිකයන්ට වාහන ගෙන්වීමට දුන් අවසරය අවභාවිත කිරීම ගැන පරීක්ෂණයක්

විදෙස් ශ්‍රමිකයන්ට ඉලෙක්ට්‍රොනික වාහන ගෙන්වන්නට තිබූ අවසරය අවභාවිත කිරීම ගැන විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙලෙස ගෙන්වන ලද වාහන 07ක් ම රේගු භාරයට ගැනීමටයි ශ්‍රී ලංකා රේගු අධිකාරිය පියවර ගෙන ඇත්තේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ; විදේශ ශ්‍රමිකයන් දිරි ගැන්වීම සඳහා ලබා දී තිබූ ඉලෙක්ට්‍රොනික වාහන ගෙන්වීමේ බලපත්‍ර අවභාවිත කරමින් ගෙන් වූ බවට සැක කෙරෙන වාහන 7ක් මේ වනවිට රේගු භාරයට ගෙන පරීක්ෂණ පවත්වන බවයි.

අලෙවි කළ බවට සැක කෙරෙන වාහන සොයා පරීක්ෂණ ද ආරම්භ කර ඇති බව ද හෙතෙම සඳහන් කළා.

අදාළ අවසරය ලබා දී තිබූ දිනයේ සිට ඔක්තෝබර් 16 දක්වා කාලය තුළ රථ වාහන 119ක් මෙරටට ආනයනය කර ඇති අතර ඉන් 75ක් ම එකම ආයතනයක් මගින් ආනයනය කර ඇති බවට අනාවරණය වී තිබෙන බවයි.

මේ හේතුවෙන් රජය අහිමි කරගත් ආදායම රුපියල් බිලියන 35ක් පමණ වන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

වටිනාකම අඩුවෙන් තක්සේරු කිරීම, අන්සතු කිරීම, නියමිත පරිදි බදු මුදල් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවීම සහ අදාළ රථ වාහන ආනයනය කර ඇත්තේ සැබැවින් ම විදේශ ශ්‍රමිකයින්ගේ මුදල්වලින් ද යන කරුණු 04 ඔස්සේ මේ වන විට පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක බවටයි.

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මද්‍යසාර නිෂ්පාදකයන්ට බදු සහන කතා සම්බන්ධයෙන් පැතිර යන පුවත් සියල්ල ම සාවද්‍ය බවට ප්‍රකාශ කර තිබෙනවා.

අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ අවුරුදු 10ක හිඟ බදු ද මේ මස ගෙවා දමන ලෙසට නියෝග කර ඇති බවටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08