මුණුපුරන්ගේ ඔන්ලයින් පංති ගැන සීයලා කළ පැමිණිලි

ජංගම දුරකතන හා පරිගණක හරහා කෙරෙන ඔන්ලයින් අධ්‍යපනයෙන් තම මුණුපුරු මිණිපිරියන් පීඩාවට පත්ව සිටිතියි මුත්තනුවන් දෙදෙනකු ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි කර ඇතැයි එහි සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහත පවසනවා

මේ තත්ත්වය නිසා ඔන්ලයින් අධ්‍යාපනය සීමා කරන්නැයි ද එම දෙදෙනා ඉල්ලීමක් කර තිබෙන බව කී සභාපතිවරය මෙම පැමිණිලි දෙක සම්බන්ධයෙන් වහම කරුණු සොයා බලා සුදුසු පියවර ගන්නැයි නිලධාරින්ට උපදෙස් දුන් බව ද පුවත්පතක සඳහන් කර තිබෙනවා

මේ අතර ඔන්ලයින් අධ්‍යපනය හරහා ජංගම දුරකතනවලට අධික ලෙස අබ්බැහිවීම නිසා දරුවන් විශාල පිරිසක් විවිධ මානසික ප්‍රශ්නවලට ගොදුරුව සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ද විදානපතිරණ මහතා සඳහන් කර තිබෙන අතර මෙවැනි දරුවන් සම්බන්ධයෙන් විශේෂ උපදේශන මාලාවක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි ද ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිලිබඳ අවධානය යොමු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?