ගාසා වැසියන්ට Mo Salah ගෙන් ආධාර – ජාත්‍යන්තර‍යෙනුත් ඇයදීමක්

ඊජිප්ත්තු ජාතික පාපන්දු කණ්ඩායමේ මෙන් ම ලිවර්පූල් පාපන්දු ක්‍රීඩා සමාජයේ තරුවක් වන Mo Salah ජාත්‍යන්තරයෙන් ආධාර ඉල්ලා සිටිනවා.

මානුෂීයා ආධාර කඩිනමින් ගාසා තීරය වෙත ලබාදෙන ලෙසටයි Mo Salah ඉල්ලා ඇත්තේ.

Salah සිය නිල පෙර ට්විටර් නමින් හැඳින්වූ x සටහනක් තබමින් කියා ඇත්තේ ඊශ්‍රායල – පලස්තීන ගැටුම අවසන් කිරීමට මැදිහත් වන ලෙසටයි.

ඊශ්‍රායල බලධාරීන්ට අනුව, ඊශ්‍රායලයේ 1,400කට වැඩි පිරිසක් ඔක්තෝබර් 7 වැනි දින හමාස්ගේ ප්‍රහරයෙන් පසුව ජීවිතක්ෂයට පත්වුණා.

ඉන්පසුව ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 3,478 ක් මිය ගොස් 1,250කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි ගාසා හි හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.

කෙසේවෙතත් ඊයේ දිනයේ දී අමෙරිකානු ජනාධිපතිවරයා සිය නිරීක්ෂණ චාරිකාවක ඊශ්‍රායලයේ නිරත වෙමින් සඳහන් කළේ ඊජිප්තුව වසා දමා තිබූ රෆා හරස් මාර්ගය මානුෂීය ආධාර යැවීමට විවෘත කිරීමට එකඟ වූ බවයි.

මෙම සිදුවීම් යළි යළිත් මතක් කරමින් සාලා වැඩිදුරටත් කියා සිටියේ; මෙවැනි වෙලාවක කතා කිරීම අපහසු කරුණක් බවත්, ඕනෑවට වඩා ප්‍රචණ්ඩත්වය සහ හද කම්පා කරවන ආකාරයේ මිලේච්ඡත්වය සිදුවන බවයි.

එබැවින් වහාම සියලු ජීවිත පාරිශුද්ධ ව ආරක්ෂා කරගැනීමට නම්; සමූල ඝාතන නැවැත්විය යුතු බවයි.

මෙවැනි ගැටුම් මත පවුල් සංස්ථා දෙකඩ වී ඇති බව ද මෙම සුපිරි පාපන්දු තරුව ප්‍රකාශ කළා.

ගාසා තීරයේ රෝහල්වල ප්‍රතිකාර ලබන්නන්ගේ තත්ත්වය ඉතා භයානක බවත්, වහාම ඔවුන්ට අවශ්‍ය කරන වෛද්‍ය පහසුකම්, ඖෂධ, ආහාරපාන ආදිය ලබාදීමට ද යොමුවන ලෙසත් සාලා ලෝකයෙන් ඉල්ලා සිටිනවා.

වෛද්‍ය සේවා සහ මානුෂීය ආධාර සපයන පුණ්‍යායතනයක් වන ඊජිප්තු Red Crescent, ගාසා තීරයේ සිය සහන ප්‍රයත්නයන්ට උපකාර කිරීම සඳහා Mo Salah පරිත්‍යාගයක් ද සිදු කර තිබෙනවා.

මෙම පරිත්‍යාගය සම්බන්ධයෙන් අදාළ පුණ්‍යායතනය මුහුණුපොතෙහි සටහනක් තබමින් කියා ඇත්තේ;

“Thank you, Mohamed Salah, for his donation to support the people of the Gaza Strip,”

“Thank you from the heart..” යනුවෙන්.

ලෝකයේ වඩාත්ම දක්ෂ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වන සලා, 2017 දී ලිවර්පූල් සමග අත්සන් කිරීමෙන් පසු චැම්පියන්ස් ලීග්, ප්‍රිමියර් ලීග් සහ FA කුසලානය දිනා ගැනීමට සිය ක්‍රීඩා දායකත්වය දැක්වූ ක්‍රීඩකයෙක් ලෙසටයි පිළිගැනෙන්නේ.

https://twitter.com/i/status/1714719241306243584

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23
Video thumbnail
මහ භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර් කෙනෙක්ට ගිහින්..නලින්ද සියල්ල එළියට එයි
02:51
Video thumbnail
ජනපති පත්කරපු ලේකම් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
10:28