මගී බස් ධාවනයට අමතර නව බලපත්‍රයක්

රටෙහි ඉහල යන බස් රථ අනතුරු සැලකිල්ලට ගනිමින් නව මගී ප්‍රවාහන බස්රථ රියදුරු බලපත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කර තිබේ.

මේ අනුව බර වාහන රියදුරු බලපත්‍රය ලබාගැනීමෙන් පමණක් මින් ඉදිරියට මගී ප්‍රවාහන බස් රථ ධාවනය කළ නොහැකි වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ වෙනුවට මගී ප්‍රවාහන රියදුරු බලපත්‍රයක් අලූතින් හදුන්වාදෙන බව ද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ. මේ අනුව සියලු මගී ප්‍රවාහන රියදුරන්ට දෙසතියක පුහුණුවක් ලබාදීමෙන් අනතුරුව මෙම නව රියදුරු බලපත්‍රය ලබා දෙන බවත් ඔහු කියයි.

ලංකා ගමනාගමන මණ්ඩලය සහ ආරක්ෂක අංශ එක්ව මෙම වැඩපිළිවෙළ සකස් කරන බවත් අමුණුගම මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?