ආධාර රැගත් ට්‍රක් රථ 20ක් ගාසා තීරයට – බ්‍රිතාන්‍ය අගමැතිත් ඊශ්‍රායලයට පැමිණීමේ සූදානමක්

ආධාර රැගත් ට්‍රක් රථ 20ක් ගාසා තීරයට ඇතුළු වීමට දේශසීමා මාර්ග බාධකයක් විවෘත කිරීමට ඊජිප්තු ජනාධිපතිවරයා එකඟ වී තිබෙනවා.

ඒ, අනුව රෆා දේශසීමා මාර්ග බාධකය මෙලෙස විවෘත කිරීමටයි එකඟතාවය පළකර ඇත්තේ.

ඊජිප්තු ජනාධිපතිවරයා මෙලෙස එකඟතාවය පළ කිරීමත් සමඟ සිකුරාදා (20) දිනය වන විට මෙම ආධාර රැගත් ට්‍රක් රථ ගාසා තීරයට ඇතුළුවීමට හැකිවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, ඊශ්‍රායලයට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

මෙහිදී ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඊශ්‍රායල ජනාධිපතිවරයා හමුවීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා බලාපොරොත්තුවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ගාසා තීරයේ පලස්තීන වැසියන් වෙනුවෙන් මානුෂීය ආධාර ලබාදීම සම්බන්ධයෙන් ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇති බව ද වාර්තා වනවා.

පසුගිය ඔක්‌තෝබර් 07 වනදා ඊශ්‍රායලයට හමාස්‌ සංවිධානය විසින් ප්‍රහාරයක්‌ එල්ල කිරීමත් සමඟ දෙපාර්ශ්වය අතර මෙම යුද ගැටුම් ඇවිලී ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56