spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආධාර රැගත් ට්‍රක් රථ 20ක් ගාසා තීරයට – බ්‍රිතාන්‍ය අගමැතිත් ඊශ්‍රායලයට පැමිණීමේ සූදානමක්

ආධාර රැගත් ට්‍රක් රථ 20ක් ගාසා තීරයට ඇතුළු වීමට දේශසීමා මාර්ග බාධකයක් විවෘත කිරීමට ඊජිප්තු ජනාධිපතිවරයා එකඟ වී තිබෙනවා.

ඒ, අනුව රෆා දේශසීමා මාර්ග බාධකය මෙලෙස විවෘත කිරීමටයි එකඟතාවය පළකර ඇත්තේ.

ඊජිප්තු ජනාධිපතිවරයා මෙලෙස එකඟතාවය පළ කිරීමත් සමඟ සිකුරාදා (20) දිනය වන විට මෙම ආධාර රැගත් ට්‍රක් රථ ගාසා තීරයට ඇතුළුවීමට හැකිවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, ඊශ්‍රායලයට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

මෙහිදී ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඊශ්‍රායල ජනාධිපතිවරයා හමුවීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා බලාපොරොත්තුවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ගාසා තීරයේ පලස්තීන වැසියන් වෙනුවෙන් මානුෂීය ආධාර ලබාදීම සම්බන්ධයෙන් ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇති බව ද වාර්තා වනවා.

පසුගිය ඔක්‌තෝබර් 07 වනදා ඊශ්‍රායලයට හමාස්‌ සංවිධානය විසින් ප්‍රහාරයක්‌ එල්ල කිරීමත් සමඟ දෙපාර්ශ්වය අතර මෙම යුද ගැටුම් ඇවිලී ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?