AFC Banner
Empty Ad
Empty Ad

සර්ප දෂ්ඨනයකින් පාසල් සිසුවියක් ජීවිතක්ෂයට

සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් රෝගාතුරව රෝහල් ගත කර සිටි හෝමාගම ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයේ 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසල් ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය ශිෂ්‍යාව තම ඥාති සහෝදරියක් සමග වෙළෙඳසැලක් වෙත යන අතරතුර දීයි මාර්ගයේ සිටි සර්පයෙකු ඇයට දෂ්ඨ කර ඇත්තේ.

මෙහිදී දැරියගේ මව රැකියාව නිමවී නිවසට පැමිණෙන තුරු සිට තමාට වමනය සහ බඩේ කැක්කුමක් ඇති බව ඇය ප්‍රකාශ කර තිබෙනවා.

දැරියගේ මව විසින් සර්පයා දෂ්ඨ කළ බවක් නොදැන දරුවාට ගැස්ට්‍රයිටීස් රෝගය විය හැකි යැයි සිතා ඖෂධ ලබාදී ඇතැයි සඳහන්.

එම අවස්ථාවේ දී දැරියට වමනය ඇතිවී සිහිසුන් වීමත් සමඟ කඩිනමින් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහි දැඩි සත්කාරක ඒකකයේ දින දෙකක් ප්‍රතිකාර ලැබීමෙන් පසුවයි මෙම දැරිය ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?