AFC Banner
Empty Ad
Empty Ad

මිචෙල්ගෙන් 50ක්

ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු මිචෙල් මාෂ් මීට ටික වේලාවකට පෙර හැඩකාර අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

ඒ මේ වනවිට ශ්‍රී ලංකාවට එරෙහි ව ලක්නව් හි දී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට එක්වෙමින්.

මාෂ් අද දිනයේ දී ශ්‍රී ලංකාවට එරෙහි ව වාර්තා කළේ සිය ජාත්‍යන්තර එක්දින පිටියේ 18 වැනි අර්ධ ශතකයයි.

මෙම අර්ධ ශතකය ලබා ගැනීමට මාෂ්ට වැය වූ පන්දු ගණන 39ක්.

ඊට හතරේ පහර 09ක් ඇතුළත්.

කාසියේ වාසිය දිනා පළමු ව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් ම දැවී ලකුණු 209ක් ලබා ගත්තා.

ඒ අනුවයි ජයග්‍රහණයට පිළිතුරු වශයෙන් ඔස්ට්‍රේලියාව මේ වනවිට තවත් කඩුලු 07ක් තුළ ලකුණු 210 සීමාව හඹා යමින් සිටින්නේ.

ඔස්ට්‍රේලියාව මේ වනවිට කඩුලු 02ක් දැවී ලකුණු 75ක් ලබා සිටින්නේ පන්දුවාර 11ක් අවසානයේ දියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?