හල්දුම්මුල්ලේ පුද්ගලයෙක් සැඩ පහරකට බිළි

හල්දුම්මුල්ල – කැනිපලාවල ප්‍රදේශයේ දී ඊයේ (13) රාත්‍රියේ පුද්ගලයෙකු සැඩ පහරකට ගසාගෙන ගොස් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොස්ලන්ද පොලීසිය සඳහන් කළේ මෙම පුද්ගලයා වෙළඳසැලට ගොස් නිවසට අවශ්‍ය භාණ්ඩ රැගෙන නිවසට යන අවස්ථාවේ ඔයකින් එගොඩවීමට උත්සාහ කිරීමේ දී මෙලෙස සැඩ පහරට හසුව ගසාගෙන ගොස් ඇති බවයි.

අධික වැසි සමඟ සැඩ පහරට හසු වූ මෙම පුද්ගලයා මීටර් 200ක් පමණ පහළ ගසාගොස් ඇති ඔහු පඳුරක රැදී සිටිය දී ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන තිබෙනවා.

අනතුරුව එම පුද්ගලයා කොස්ලන්ද රෝහලට රැගෙන ගොස් ඇති අතර, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවයි තොරතරු වාර්තා වන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඩබ්ලිව්.එම්.ප්‍රියන්ත නැමැති 61 හැවිරිදි පුද්ගලයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?