ඕස්ට්‍රේලියාව සමඟ තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලබන සදුඳා ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුවිය හැකි බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව මෙම තරගය සඳහා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සහ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර කණ්ඩායමට කැඳවීමට නියමිත බවයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ.

මොවුන් දෙදෙනා කණ්ඩායමට කැඳවීමත් සමඟ ආරම්භක පිතිකරණ භූමිකාවේ කටයුතු කළ කුසල් ජනිත් පෙරේරාට සහ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට කණ්ඩායමේ සිය ස්ථානයන් අහිමිව යනවා.

ශ්‍රී ලංකාව ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගවලියේ දී සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ දිමුත් කරුණාරත්නට පළමු තරග දෙකේ බැංකුවේ සිටීමට සිදු වුණේ ආරම්භක පිතිකරුවෙකු ලෙස කුසල් ජනිත් පෙරේරා තෝරා ගැනීම හේතුවෙන්.

කෙසේ වෙතත්, ආබාධයකට ලක්ව නැවත කණ්ඩායමට පැමිණීමෙන් පසු අවසන් තරග පහේදී ඔහු ලබාගෙන ඇත්තේ ලකුණු 24ක් පමණයි.

කුසල් පෙරේරාට ලෝක කුසලානයේ අවසන් තරඟ දෙකේ දී රැස් කිරීමට හැකිව ඇත්තේ ලකුණු 07ක් වීම ද විශේෂත්වයක්.

මේ අතර යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ පළමු තරග දෙකේදීම ප්‍රතිවාදීන්ගේ දරුණු ප්‍රහාරයන්ට ලක් වූ අතර එම තරග දෙක තුල ඔහු යවූ පන්දුවාර 19ක දී ලකුණු 185ක් ප්‍රතිවාදීන්ට ලබාදුන්නා.

මේ අතර පාකිස්තාන තරගය අතරතුර හදිසියේම රෝහල් ගතකළ කුසල් මෙන්ඩිස් මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බවයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ.

බදාදා ලක්නව් වෙත පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට දින දෙකක විවේකයක් ලබා දී ඇති අතර, සඳුදා පැවැත්වෙන ඕස්ට්‍රේලියාවට එරෙහි ගැටුමට පෙර සෙනසුරාදා නැවත පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියේ සහභාගී වූ පළමු තරග දෙකේ දී ම දරුණු පරාජයන්ට මුහුණදීමට සිදුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
38
+1
22
+1
78
+1
10
+1
39
+1
19
+1
29
Subscribe
Notify of
6 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?