පාකිස්ථාන නිවේදිකාව ක්‍රිකට් ලෝක කුසලානය අතර තුර ඉන්දියාවෙන් පැන්නුවා ද ? ඇත්ත නැත්ත එළියට

ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානය අතර තුර තමා ඉන්දියාවෙන් පිටුවහල් නොකළ බව පාකිස්ථාන ජනප්‍රිය නිවේදිකාවක් වන සයිනාබ් අබ්බාස් පවසනවා.

සයිනාබ් අබ්බාස් ඉන්දියාවෙන් පිටුවහල් කළ බවට දන්වමින් පසුගිය දින කිහිපය තුළ දී වාර්තා වූ පුවත්වලට ප්‍රතිචාර දක්වමින් ඇය මේ බව සඳහන් කළා.

සිය පුද්ගලික අවශ්‍යතාවක් මත තරගාවලිය හැරදා තමන් යළි සිය මව්රට බලා පැමිණි බවයි සයිනාබ් වැඩිදුරටත් පවසා සිටියේ.

තමන් ඉන්දියාවේ ගතකළ දින කිහිපය තුළ ප්‍රීතිමත් සහ හුරුපුරුදු හැඟීමකින් යුක්තව කටයුතු කළ බවයි ඇය පවසන්නේ.

“මට යන්න කිව්වේවත් පිටුවහල් කළේවත් නැහැ. කෙසේ වෙතත්, අන්තර්ජාලය හරහා දිග හැරෙන ප්‍රතිචාරයෙන් මට බියක් දැනෙනවා. ඒ වගේම සංචාරය කිරීමට සහ තමා ආදරය කරන ක්‍රීඩාව ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම ගැන මම අතිශයින් වාසනාවන්ත බවත් කෘතඥ වනවා.” යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ජාත්‍යනතර ක්‍රිකට් කවුන්සිලය ද අවධාරණය කර සිටියේ සයිනාබ්ට කිසිම අවස්ථාව ඉන්දියාවෙන් පිටව යන ලෙස හෝ ඇයව පිටුවහල් කිරීමක් සිදුනොකළ බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඩිජිටල් කණ්ඩායමේ සාමාජිකාවක වූ සයිනාබ් අබ්බාස් පසුගිය සඳුදා ඉන්දියාවෙන් පිටත්ව ගිය අතර,එලෙස පිටව යාමට පෙර ලෝක කුසලාන තරඟාවලියේ පකිස්ථානයේ පළමු තරඟ දෙක සඳහා ඇය හයිද්‍රාබාද්හි රැඳී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57
Video thumbnail
ජොන්ස්ටන් හිනාවෙවී එළියට ආ හැටි..සෙනඟක් ඇවිත් ජොන්ස්ටන්ව වට කරයි
01:38
Video thumbnail
හෙට වෙනකොට රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න..නැත්තම් තිස්සකුට්ටි කුදලන් යන්න
02:09
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55