උපයාගත් ආකාරය හෙළිකළ නොහැකි ලක්ෂ 80කට අධික මුදලක් සමග කාන්තාවක් අත්අඩංගුවට

උපයා ගත් ආකාරය අනාවරණ කළ නොහැකි රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් සමග ත්‍රී රෝද රථයකින් යමින් සිටි කාන්තාවක් පැල්මඩුල්ල ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පැල්මඩුල්ල පොලිසියට ලැබුනු තොරතුරකට අනුවයි ඊයේ මෙම වැටලීම සිදුකර ඇත්තේ. සැකකාරිය ඕපනායක ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙක්. මෙම කාන්තාවගේ බෑගයක තිබී රුපියල් අසුලක්ෂ තිස් එක් දහසක මුදලක් සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

මෙම මුදල් ලැබුණු ආකාරය ප්‍රකාශ කිරීමට ඇයට හැකියාවක් ලැබී නැහැ. අදාළ මුදල් කිසියම් අපරාධයකින් උපයාගත් මුදල් ද එසේත් නොමැති නම් මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් මුදල් ද නැතහොත් වෙනත් පාර්ශවයකින් ඇයට ලබාදෙන මුදලක් ද යන්න විමර්ශණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?