නිවසක හිමිකාරිනිය මැරූ මෙහෙකරු රිමාන්ඩ්

නිවසක මෙහෙකරු විසින් ගෙහිමි කාන්තාව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊට අදාළ සැකකරු ව අත්අඩංගුවට ගැනීමට බේරුවල පොලිසියට හැකි වී තිබෙනවා.

මෙම ඝාතකයා ව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ මිරිහාන ප්‍රදේශයේදියි.

සැකකරු බේරුවල – ගාලු පාරේ හෙට්ටිමුල්ල – වද කහවෙල ප්‍රදේශයේ නිවසක හිමිකාරිනියව පසුගිය 07 වැනිදින නයිලෝන් වර්ගයේ කඹයකින් ගෙල සිරකොට ඝාතනය කර පලා ගියා.

මෙම සැකකරු විසින් මල් පෝච්චියකින් ද මරණකාරිනියගේ හිසට පහර දී ඇති බවයි පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වුණේ.

මෙලෙස මියගියේ එම නිවසේ පදිංචි ව සිටි 58 හැවිරිදි විවාහක කාන්තාවක්.

හිමිකාරිනිය සහ මෙහෙකරු අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙනුයි මෙම ඝාතනය සිදු ව ඇත්තේ.

සැකකරු පලා යාමේ දී නිවසේ තිබූ රුපියල් 100,000කට ආසන්න මුදලක් ද රැගෙන පලා ගොස් තිබෙනවා.

කෙසේවෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය වෙත සැකකරු පාපොච්චාරණයක් ද සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරු අද දිනයේ දී කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, වැඩිදුර විමර්ශන සඳහා ඔහු ව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?