ජනපතිගෙන් පෞද්ගලික අංශයට ඇරයුමක් (ඡායාරූප)

තාක්ෂණ හා හරිත ආර්ථිකයක් කරා රට ගෙන යාමේ වැඩපිළිවෙළ සමග සක්‍රීය ව එක්වන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ පෞද්ගලික අංශයට ආරාධනා කරනවා.

ජාතික තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික ක්‍රියාවලි කළමනාකරණ වෘත්තීය ප්‍රදර්ශනය ජනපති ප්‍රධානත්වයෙන් ආරම්භ කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ජාතික තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික ක්‍රියාවලි කළමනකරණ වෘත්තීය ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අද (11) පෙරවරුවේ ජනාධිපතිවරයා එක්වුණා.

ජාතික තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සතිය (National IT and BPM Week) ආරම්භ කරමින් මෙම ප්‍රදර්ශනය ඔක්තෝබර් 11,12 සහ 13 යන තෙදින කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේ දී පැවැත්වෙනවා.

රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙනයාමේ වැඩපිළිවෙළ වේගවත් කරමින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙන අතර තොරතුරු තාක්ෂණ ව්‍යවසායකත්වය දිරිගැන්වීම වෙනුවෙන් නව තාක්ෂණය පිළිබඳ දැනුමක් ලබාදීම, කුසලතා වර්ධනය, වෘත්තීය උපදේශනය සහ වෘත්තීය අවස්ථා ලබාදීම මෙහි අරමුණයි.

බස්නාහිර පළාතේ (සා/පෙළ සහ උ/පෙළ) හදාරන පාසල් සිසුන්, රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල සහ වෘත්තීය අධ්‍යාපන ආයතන සිසුන්, රැකියා අපේක්ෂකයන් මෙන් ම ව්‍යවසායකයින්, දැනුවත් කිරීම මෙමගින් අපේක්ෂා කෙරෙනවා.

දින 03ක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහනේ දී කර්මාන්ත සහ වෘත්තීය උපදේශන, තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලිය, සීමාවාසික පුහුණුව සහ රැකියා අවස්ථා සඳහා වේදිකාවක් සපයනවා.

අධ්‍යාපන ආයතන මගින් තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි පිළිබඳ වැඩමුළු පැවැත්වීමට ද නියමිතයි.

තාක්ෂණ අමාත්‍ය කනක හේරත්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය ඒ.ඩී. ගුණවර්ධන, තාක්ෂණ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන) ජනක සම්පත් ගීකියනගේ, ජාතික අනාගත කුසලතා මුලපිරීම් ආයතනයේ (NFTI) සභාපති මධු රත්නායක, මෘදුකාංග සේවා සමාගම් සඳහා ශ්‍රී ලංකා සංගමයේ (SLASSCOM) සභාපති ජෙහාන් පෙරින්පනායගම්, DIGIECON 2023 -2030 ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රසාද් සමරවික්‍රම යන පිරිස් සහ පාසල් සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියා.

WhatsApp Image 2023 10 11 at 12.37.29
WhatsApp Image 2023 10 11 at 12.37.35
WhatsApp Image 2023 10 11 at 12.37.36
WhatsApp Image 2023 10 11 at 12.37.37
WhatsApp Image 2023 10 11 at 12.37.38


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51