කුළුදුල් එක්දින ලෝක කුසලානයේ දී සදීර සිය මංගල ශතකය වාර්තා කරයි

තමන්ගේ කුළුදුල් එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ සහ සිය ජාත්‍යන්තර එක්දින තරග පිටියේ ද මංගල ශතකය වාර්තා කිරීමට යොවුන් ක්‍රීඩක සදීර සමරවික්‍රම මීට ටික වේලාවකට පෙර සමත් වුණා.

ඔහු එම ලකුණු සංඛ්‍යාව ලබාගත්තේ ලෝක එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පෙරමුණේ සිටින ප්‍රබල පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව යි.

සදීරගේ හැඩකාර ශතකයට පන්දු 82ක් ඇතුළත්.

ඊට හතරේ පහර 10ක් සහ දැවැන්ත හයේ පහර 02ක් ද ඇතුළත් වුණා.

සදීරගේ මෙම ශතකය ඔහුගේ එක්දින ක්‍රිකට් දිවියේ ඉහළතම ලකුණු සංඛ්‍යාව ද වනවා.

මීට පෙර ඔහු ලබාගෙන තිබුණේ ලකුණු 93ක්.

අද තරගය සදීර එක්වන 25 වැනි එක්දින තරගය ද වනවා.

සදීරට අමතර ව ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් අනර්ඝ ලකුණු සැපයීමක් එක් කිරීමට කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකට හැකි වුණා.

මෙන්ඩිස් පන්දු 77ක දී ලකුණු 122ක් ලබා ගත්තා.

පැතුම් පන්දු 61ක දී ලකුණු 51යි.

ධනංජය ද සිල්වා ලකුණු 25ක් රැස් කළා.

මේ වනවිට සයවැනි කඩුල්ල වෙනුවෙන් සදීර සමගින් පිටියෙහි රැඳී සිටින්නේ නායක දසුන් ශානක යි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පන්දුවාර 45ක් අවසානයේ දී කඩුලු 05ක් දැවී ලකුණු 318ක් ලබා සිටිනවා.

තරගය පැවැත්වෙන්නේ හයිද්‍රාබාද් හි දියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු දෙයි ආණ්ඩුවට රිදෙන්න - යට ඇඳුමත් ඉල්ලගෙන ඇදපු JVP කාඩරේ අපිට උගන්නන්න එනවා
08:13
Video thumbnail
මාලනීය ගැන කියලා හඬා වැටුණු රසිකයා - අවු:50ක් ඇයගේ ගීත රස වින්දනය කළා..මගේ ප්‍රියතම ගායිකාව
01:15
Video thumbnail
සාරංග සහ දිනක්ෂි මාලනිය ගැන කිව්ව කතාව - කලා ලෝකයේ හැමෝටම දැනෙන පාඩුවක්..අපේ රටේ හඬ
03:20
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි - දසවන නියත විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ
01:04
Video thumbnail
මාලනියගේ හැරයාම ළඟ දුක දරාගත නොහැකිවූ සමිතා - "මගේ අම්මා හා සමානයි මට..ආදරය ලැබුවා"
02:49
Video thumbnail
දෑත් එකතු කරලා පේෂල නන්දාට කළ ප්‍රකාශය..මේ යුගයේ අපි හරි අවාසනාවන්තයි
01:07
Video thumbnail
ගම්මන්පිල මාලනී ගැන තැබූ සටහන - "එතුමිය පැතූ රට තවම හැදිලා නෑ.."
01:30
Video thumbnail
භාතිය, නන්දා වෙනුවෙන් තැබූ සංවේදී සටහන - ලංකාවේ සංගීතය කියන්නේ එතුමිය..හරිම කණගාටුයි
01:54
Video thumbnail
ප්‍රවීණ ගායක භාතිය සහ උමාරියා මාලනියට සමුදෙන්න එයි - තවම හිතාගන්න බෑ ඇය නැතිවෙලා කියලා
01:13
Video thumbnail
මාලනිය ගැන කියලා මන්ත්‍රී කොට්ටහච්චි සංවේදී වෙයි - හඬ අපේ සවන්පත්වල රැව් පිලිරැව් දෙනවා
02:13