තිත් මුවන් දඩයම් කරමින් දඩමස් ජාවාරමක නිරත වූ සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට

කලාවැවේ වෙසෙන තිත් මුවන් දඩයම් කරමින් දඩමස් ජාවාරමක නිරත වූ සංවිධානාත්මක කල්ලියක් තිත් මුව මස් තොගයක් ද සමග අත්අඩංගුවට ගැනීමට ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් සමත්ව තිබෙනවා

කලාවැව ජාතික උද්‍යානයේ කටයුතු භාර ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයට ලත් තොරතුරක් අනුව සිදුකල මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ. කහල්ල පල්ලේකැලේ අභය භූමියට අයත් කලාවැව නීකිනියාව ප්‍රෙද්ශයේදී එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වනජීවීනිලධාරීන්ට හැකිව තිබේ.

වටලෑම සිදුවන අවස්ථාවේදී එම සැකකරුවන් කහල්ල පල්ලෙකැලේ අභයභූමියට අයත් කලාවැව රක්ෂීතයේ නීකිණීයාව ප්‍රෙද්ශයේදී තිත්මුවකු ඝාතනය කර මස් කර එම මස් ත්‍රී රෝද රථයකින් ප්‍රවාහණය කිරීමට සූදානම් කරමින් සිටි බව වනජීවී නිලධාරීහු පවසති. සිදු කළ වටලෑමේදී එලෙස ප්‍රවාහණයට සූදානම් කර තිබූ තිත් මුව මස් කිලෝ විස්සකට වැඩි ප්‍රමාණයක් ද ඝාතනය කර තිබූ තිත් මුවාගේ හිස කොටසද ඝාතනය කළ මුවා මස් කිරීමට යොදා ගත් පිහියා ඇතුළු උපකරණ රැසක් ද එම මුව මස් ප්‍රවාහණයට යොදා ගැනීමට සූදානම් කර තිබූ ත්‍රී රෝද රථයක් ද මෙහිදී වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති එම ත්‍රී රෝද රථයේ පසුපස respect value ලෙස ද සදහන්ව තිබීම විශේෂත්වයකි.

සිදුකළ එම වටලෑමේදී ජාවාරමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරීන් සමත්ව ඇති අතර වැටලෑම සිදු කරන අවස්ථාවේ තවත් එක් සැකකරුවකු බලා ගොස් තිබිණ. එලෙස පලාගොස් ඇත්තේ අත්අඩංගුවට ගෙන ඇති ත්‍රී රෝද රථායේ රියදුරු ලෙස කටයතු කළ අය බවට අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලදී වනජීවී නිලධාරීන් අනාවරණය කර ගෙන තිබේ. පලාගිය එම සැකකරුද අත්අඩංගුවට ගැනීම සදහා වනජීවී නිලධාරීන් විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් හා නඩු භාණ්ඩ කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය වුණාට සමහරුන්ට නම් මේක හුණ්ඩුවක්
03:52
Video thumbnail
දැන් හැමදාම තියෙන්නේ ජිනීවා නාට්‍යය..අපිට යුද්දය කරන විදිය විතරක් නෙවෙයි ආයුධ කිව්වෙත් වෙනත් රටවල්
04:49
Video thumbnail
වැල්ලවත්තේ සැමරීම නවත්වන්න බැරි අය කොහොමද ජාත්‍යන්තර බලපෑම් නවත්තන්නේ
07:12
Video thumbnail
ලංකාවට ගේම දෙන්න ආපු සංවිධානය ලෝකයේ තහනම් සංවිධානයක් කළ හැටි මෙන්න..මුලදි මේක ගොඩක් අමාරු වුණා
03:25
Video thumbnail
සීදුව ස්කාගාර හංදියේ දී තුන්සක රියක් උඩු යටිකුරුවෙයි.."වැස්සත් එක්කනේ..එන ගමන් වැදිලා"
01:27
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:18
Video thumbnail
අමෙරිකාව කිව්වා යුද්දය නවත්තන්න කියලා..මහින්ද රාජපක්ෂ ඒකට විරුද්ධ වුණා
04:22
Video thumbnail
කොටි එක්ක යුද්ද කරන්න එපා..අනිවාර්යෙන් පරදිනවා කියලා කිව්වේ..අවි දුන්නට උණ්ඩ දෙන්න බෑ කිව්වා
06:32
Video thumbnail
හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?
00:33
Video thumbnail
ජනපතිගේ අතින් අල්ලන්න ජනතාව සෙනඟ පීරගෙන එයි
00:47