ශ්‍රී ලංකා – බංග්ලාදේශ ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුම් 06 ක්

අංශ රැසක් යටතේ තවදුරටත් ඒකාබද්ධව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එකගතාවයන්ට එළැඹ තිබෙනවා.

ඒ දෙරටෙහි අග්‍රාමාත්‍යවරුන් අතර අද ඩකා නුවර පැවති සාකච්ඡාවේදියි.

සංචාරක සහ වෙළඳ සබඳතා තර කර ගැනීමට දෙරට අතර සෘජු ගුවන් ගමන් සංඛ්‍යාව ඉහළ දැමීම / ත්‍රස්ත මර්දන කටයුතු – මිනිස් ජාවාරම් හා මත්ද්‍රව්‍ය නිවාරණ සම්බන්ධ අංශවලදී සහයෝගීතාවය වැඩි කරගැනීම සම්බන්ධයෙන්ද මහින්ද රාජපක්ෂ මහතා සහ ශෙයික් හසීනා මහත්මිය අතර අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

බංග්ලාදේශයේ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය හැදෑරීම සඳහා තවත් ලාංකික සිසුන්ට ආරාධනා කරන බව අගමැතිනිය සඳහන් කලා.

එමෙන්ම ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් මෙන්ම හෙද ක්ෂේත්‍රයේදී ශ්‍රී ලංකාවේ සහය අපේක්ෂා කරන බවයි ඇය කියාසිටියේ.

සාර්ක් කොවිඩ් මර්දන හදිසි සහන අරමුදල යටතේ ශ්‍රී ලංකාවට නුදුරේදීම වෛද්‍ය උපකරණ කට්ටල තොගයක් එවීමට පියවර ගෙන ඇති බවද ශෙයික් හසීනා මහත්මිය ප්‍රකාශ කලා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මිත්‍ර සබඳතා ආරම්භවී ලබන වසරට වසර 50 ක් සපිරෙනවා.

ඒ වෙනුවෙන් ලබන වසරේදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ලෙසටයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරියට ආරාධනා කර ඇත්තේ.

ද්විපාර්ශවීය සාකච්ඡා අවසානයේ දෙරටේ අග්‍රාමාත්‍යවරුන් ඉදිරිපිට ශ්‍රී ලංකා – බංග්ලාදේශ ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුම් 06 ක් සඳහා දූත පිරිස අත්සන් තැබූවා.

තරුණ කටයුතු සංවර්ධනය ශක්තිමත් කිරීම, කෘෂිකර්මික පර්යේෂණ, වෘත්තිය දැනුම හුවමාරුකරගැනීම, සෞඛ්‍ය හෙද කාර්ය මණ්ඩල පුහුණුකිරීම, අන්තර්ජාතික සහයෝගිතා අධ්‍යයනය සහ 2021-2025 දක්වා අන්තර් හුවමාරු සංස්කෘතික වැඩසටහනක් සඳහා මෙසේ දෙරට අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09