වන අලි පහරදීමෙන් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි (වීඩියෝ)

ප්‍රදේශ දෙකකදී වන අලි පහරදීම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොළොන්නරුව බැඳිවැව සහ තණමල්විල ගල්කොටුකන්ද ප්‍රදේශවලදීයි මෙම වන අලි පහරදීම් සිදුවී ඇත්තේ.

පොළොන්නරුව බැඳිවැව ධීවර ගම්මානයේ පදිංචිව සිටි වයස අවුරුදු 26ක තරුණයෙකු අද උදෑසන 5.30ට පමණ වන අලියකු කළ පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඔහු අද උදෑසන තම ගෙවත්තේ සිටියදී මෙලෙස වන අලියාගේ ප්‍රහාරයට ලක්වී ඇති බවයි වාර්තා වන්නේ. මියගිය තරුණයාගේ දේහය පොළොන්නරුව මහ රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

ප්‍රදේශයේ ජනතාව චෝදනා කරන්නේ නිරන්තරයෙන්ම ගම්මානවලට පැමිණෙන වන අලි හේතුවෙන් තමන් වසර ගණනාවක් තිස්සේ පීඩාවට පත්වී සිටින බවයි.

ගම්මානය වටා ඉදිකර ඇති විදුලි වැට නිසි ලෙස නඩත්තු නොකිරීමෙන් මෙලෙස ගම්මානවලට වන අලි කඩා වදින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර තණමල්විල සීමාපහුව ආරාණ්‍ය සේනාසනය මාර්ගයේ ගල්කොටුකන්ද රක්ෂිත ප්‍රදේශය ආසන්නයේ ගොවිතැන් කටයුතුවල නිරත වෙමින් සිටි පුද්ගලයකු ද වන අලි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

වන අලි ප්‍රහාරයෙන් ඔහු එම ස්ථානයේ දිම ජීවිතක්ෂයට පත් වී ඇති අතර මියගොස් ඇත්තේ සූරියආර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 65ක් වන පුද්ගලයෙක්.

මෙම ප්‍රදේශයේ දීර්ඝ කාලයක සිට වන අලි තර්ජනය උග්‍ර ලෙස පවතින අතර මෙම ගැටලුවලට කඩිනමින් විසඳුමක් ලබා දෙන ලෙසටයි ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14