වන අලි පහරදීමෙන් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි (වීඩියෝ)

ප්‍රදේශ දෙකකදී වන අලි පහරදීම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොළොන්නරුව බැඳිවැව සහ තණමල්විල ගල්කොටුකන්ද ප්‍රදේශවලදීයි මෙම වන අලි පහරදීම් සිදුවී ඇත්තේ.

පොළොන්නරුව බැඳිවැව ධීවර ගම්මානයේ පදිංචිව සිටි වයස අවුරුදු 26ක තරුණයෙකු අද උදෑසන 5.30ට පමණ වන අලියකු කළ පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඔහු අද උදෑසන තම ගෙවත්තේ සිටියදී මෙලෙස වන අලියාගේ ප්‍රහාරයට ලක්වී ඇති බවයි වාර්තා වන්නේ. මියගිය තරුණයාගේ දේහය පොළොන්නරුව මහ රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

ප්‍රදේශයේ ජනතාව චෝදනා කරන්නේ නිරන්තරයෙන්ම ගම්මානවලට පැමිණෙන වන අලි හේතුවෙන් තමන් වසර ගණනාවක් තිස්සේ පීඩාවට පත්වී සිටින බවයි.

ගම්මානය වටා ඉදිකර ඇති විදුලි වැට නිසි ලෙස නඩත්තු නොකිරීමෙන් මෙලෙස ගම්මානවලට වන අලි කඩා වදින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර තණමල්විල සීමාපහුව ආරාණ්‍ය සේනාසනය මාර්ගයේ ගල්කොටුකන්ද රක්ෂිත ප්‍රදේශය ආසන්නයේ ගොවිතැන් කටයුතුවල නිරත වෙමින් සිටි පුද්ගලයකු ද වන අලි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

වන අලි ප්‍රහාරයෙන් ඔහු එම ස්ථානයේ දිම ජීවිතක්ෂයට පත් වී ඇති අතර මියගොස් ඇත්තේ සූරියආර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 65ක් වන පුද්ගලයෙක්.

මෙම ප්‍රදේශයේ දීර්ඝ කාලයක සිට වන අලි තර්ජනය උග්‍ර ලෙස පවතින අතර මෙම ගැටලුවලට කඩිනමින් විසඳුමක් ලබා දෙන ලෙසටයි ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?