බීමත්ව සහ අපරීක්ෂාකාරිව රිය පදවන පුද්ගලයින් සොයා අද සිට මෙහෙයුම්

බීමත්ව සහ අපරීක්ෂාකාරිව රිය පදවන පුද්ගලයින් සොයා අද සිට මාසයක කාලයක් දිවයින පුරා විශේෂ වැටලීම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා. ඒ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

බදුල්ල, පස්සර මාර්ගයේදී සිදුවූ බස් රථ අනතුර සම්බන්ධයෙන් ද අදහස් පළ කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ මෝටර් වාහන පරීක්ෂකවරුන් ලවා අදාළ බස් රථයේ තාක්ෂණික පරීක්ෂණ කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.

  1. 1.මාර්ග අධිකාරියෙන් එතන ගල ඉවත් කරන්න තිබුනා….අඩුම ගානෙ දකුණු පැත්තෙන් එන වාහන වලට සංඥාවක් රඳවන්න තිබුනා.
    2.ටිපර් එක දැක්කම බස් එකේ වේගය අඩු කරන්න තිබුනා…
    .නීතිය මොක උනත් ටිපර් එක නවත්වාගන්න තිබුනා.
    අන්තිමට කීදෙනෙක් ජීවිතය දීලා කීදෙනෙක් තුවාල උනාද?පවුල් කීයක් අසරණ උනාද???