වයික්කාල රජයේ පාසලක කාර්යාලය සහ විද්‍යාගාරය බිඳ ඒවායේ තිබූ රුපියල් 199,150ක් වටිනා දේපළ සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසනවා.
වෙන්නප්පුව – වයික්කල රජයේ විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් සිදුකර ඇති පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඉකුත් 04 වෙනිදා රාත්‍රීයේ මෙම සොරකම සිදුකර ඇති අතර, කාර්යාලයට සහ විද්‍යාගාරයට දමා තිබූ අඟුල් යකඩයක් ආධාරයෙන් බිඳ ඇති බව මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇත්තේ.
අනතුරුව ඒවායේ තිබූ දේපළ මෙලෙස සොරාගෙන ගොස් ඇති අතර, සොරකම සිදුකර ඇත්තේ කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1