ගුවන් හමුදාව සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවය අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. ඒ ගුවන් හමුදා මූලස්ථානයේදීයි.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත් වුණා.

මෙම ගිවිසුමේ අරමුණ වන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම අතර, විශේෂයෙන්ම ගුවන් සේවා පුහුණු, අධ්‍යාපන සහ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල සහයෝගීතාවය ශක්තිමත් කිරීමයි.