හොර අගමැති ලේකම් රිදීගමෙන් අත්අඩංගුවට

අග්‍රාමාත්‍ය කාර්යාල ලේකම්වරයෙකු ලෙස රිදිගම ප්‍රදේශයේ ව්‍යාජ ලෙස පෙනී සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට රිදීගම පොලීසිය සමත් වී තිබෙනවා. ඉංගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයා එම ප්‍රදේශයේ පුද්ගලයින්ගෙන් ඔස්ට්‍රේලියාවට යවන බව පවසා රුපියල් එකොළොස් ලක්ෂ පනස් දහසකට අධික මුදලක් වංචා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා. අත්අඩංගුවට ගත් සැකකරු අද දින රම්බඩගල්ල අධිකරනය වෙත ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?