මල් කැකුළක් තැලූ සිවිල් ආරක්ෂක හිටපු උප ලේකම් අල්ලයි

වයස අවුරුදු 06ක බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කළ බව කියන සිවිල් ආරක්ෂක කමිටුවේ හිටපු උප ලේකම්වරයෙකු මාවතගම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු මාවතගම, කොටිකාපොල ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි වියේ පසුවන අයෙක්.

සැකකරු පසුගිය කාලයේ කොටිකාපොල ගමේ සිවිල් ආරක්ෂක කමිටුවේ උප ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති අතර, පසුගියදා නැවති නිල වරණයේ දී ඔහුට එම ධුරය අහිමිවී ඇති බව ද පොලීසිය සඳහන් කරනවා.

අසල්වැසියෙකු වන සැකකරු තම දියණියට ලිංගික අතවරයක් සිදුකර ඇති බවට දැරියගේ මව විසින් ඊයේ (29) දින මාවතගම පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

එම පැමිණිල්ලට අනුවයි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කුරුණෑගල ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මාවතගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25