2025 චැම්පියන්ස් කුසලානය මගේ අවසන් ජාත්‍යන්තර තරගාවලිය විය හැකියි

2025 චැම්පියන්ස් කුසලානය තම අවසන් ජාත්‍යන්තර තරගාවලිය විය හැකි බව බංග්ලාදේශ ක්‍රිකට් නායක ෂකිබ් අල් හසන් පවසනවා.

සිය විශ්‍රාම සැලැස්ම ගෙනහැර දක්වමින් ෂකිබ් පවසන්නේ 2024 විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසුව විස්සයි විස්ස තරඟ රටාවෙන් ඉවත්වීමට තමා සැලසුම් කරන බවයි ඔහු පවසන්නේ.

ඉන්දියාවේ මෙවර පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසුව ජගත් ටෙස්ට් පිටියට ද තමන් සමුදීමේ අදහසක් ඇති බවයි ෂකිබ් වැඩිදුරටත් පවසා ඇත්තේ.

T-Sports සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර බංග්ලාදේශ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක තමීම් ඉක්බාල්ව විවේචනය ලක් කිරීමට මෙම සම්මුඛ සාකච්ඡාවේ දී ෂකීබ් කටයුතු කරන ආකාරය දැකගත හැකි වුණා.

එහිදී ෂකීබ් පවසන්නේ තමීම් යනු කණ්ඩායම් හැඟීමක් ඇති ක්‍රීඩකයෙක් නොවන බවත්, ඔහු ළමා ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කරන්නෙකු බවයි.

තමීම් තමන්ගේ වාසිය වෙනුවෙන් කටයුතු කරමින් කණ්ඩායම් නායකත්වය අර්බුදයක තබා ඉවත්ව ගිය බව ද ෂකිබ් මෙහිදී චෝදනා කර සිටියා.

මෙවර ලෝක කුසලාන සංචිත සඳහා තමීම් ඉක්බාල් නම් නොකර තිබූ අතර ඔහුට ඇති වී තිබෙන ආබාධ තත්ත්වයක් ඊට හේතුව වූ බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළා.

මේ අතර වර්තමාන යථාර්ථය අනුව තමන් බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය දරන්නේ ලෝක කුසලානය දක්වා පමණක් බවයි ෂකිබ් වැඩිදුරටත් පවසා ඇත්තේ.

“මේ වයසේදී මට මේ පීඩනය දරාගන්න ඕන වුණේ නැහැ. මට සිනාසීමට, මගේ ක්‍රීඩාව භුක්ති විඳීමට, බංග්ලාදේශය වෙනුවෙන් දස්කම් දැක්වීමට මට අවශ්‍යයි.” යනුවෙන් ෂකිබ් එහිදී පවසනවා.

මේ අතර බංග්ලාදේශය ලෝක කුසලාන ගමන අරඹමින් තරගාවලියේ ඔවුන්ගේ පළමු තරගය ඇෆ්ගනිස්තානයට එරෙහිව ඔක්තෝබර්0 07 වැනිදා ධර්මසාලාහිදී පැවැත්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
භික්ෂු විරෝධතාවය මහසොන් දේවතාව ගෙන්නයි - මිනිස්සුන්ට බැරි වැඩ අදෘශ්‍යමාන බලවේගවලින් කරවනවා
05:44
Video thumbnail
මේ ඉන්නේ දුටුගැමුණු රජතුමාගේ අම්මගේ භූමියේ - බුදු රජාණන්වහන්සේ දුන්න චීවරය අනුරට ගලවන්න අයිතියක් නෑ
06:09