2025 චැම්පියන්ස් කුසලානය මගේ අවසන් ජාත්‍යන්තර තරගාවලිය විය හැකියි

2025 චැම්පියන්ස් කුසලානය තම අවසන් ජාත්‍යන්තර තරගාවලිය විය හැකි බව බංග්ලාදේශ ක්‍රිකට් නායක ෂකිබ් අල් හසන් පවසනවා.

සිය විශ්‍රාම සැලැස්ම ගෙනහැර දක්වමින් ෂකිබ් පවසන්නේ 2024 විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසුව විස්සයි විස්ස තරඟ රටාවෙන් ඉවත්වීමට තමා සැලසුම් කරන බවයි ඔහු පවසන්නේ.

ඉන්දියාවේ මෙවර පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසුව ජගත් ටෙස්ට් පිටියට ද තමන් සමුදීමේ අදහසක් ඇති බවයි ෂකිබ් වැඩිදුරටත් පවසා ඇත්තේ.

T-Sports සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර බංග්ලාදේශ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක තමීම් ඉක්බාල්ව විවේචනය ලක් කිරීමට මෙම සම්මුඛ සාකච්ඡාවේ දී ෂකීබ් කටයුතු කරන ආකාරය දැකගත හැකි වුණා.

එහිදී ෂකීබ් පවසන්නේ තමීම් යනු කණ්ඩායම් හැඟීමක් ඇති ක්‍රීඩකයෙක් නොවන බවත්, ඔහු ළමා ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කරන්නෙකු බවයි.

තමීම් තමන්ගේ වාසිය වෙනුවෙන් කටයුතු කරමින් කණ්ඩායම් නායකත්වය අර්බුදයක තබා ඉවත්ව ගිය බව ද ෂකිබ් මෙහිදී චෝදනා කර සිටියා.

මෙවර ලෝක කුසලාන සංචිත සඳහා තමීම් ඉක්බාල් නම් නොකර තිබූ අතර ඔහුට ඇති වී තිබෙන ආබාධ තත්ත්වයක් ඊට හේතුව වූ බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළා.

මේ අතර වර්තමාන යථාර්ථය අනුව තමන් බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය දරන්නේ ලෝක කුසලානය දක්වා පමණක් බවයි ෂකිබ් වැඩිදුරටත් පවසා ඇත්තේ.

“මේ වයසේදී මට මේ පීඩනය දරාගන්න ඕන වුණේ නැහැ. මට සිනාසීමට, මගේ ක්‍රීඩාව භුක්ති විඳීමට, බංග්ලාදේශය වෙනුවෙන් දස්කම් දැක්වීමට මට අවශ්‍යයි.” යනුවෙන් ෂකිබ් එහිදී පවසනවා.

මේ අතර බංග්ලාදේශය ලෝක කුසලාන ගමන අරඹමින් තරගාවලියේ ඔවුන්ගේ පළමු තරගය ඇෆ්ගනිස්තානයට එරෙහිව ඔක්තෝබර්0 07 වැනිදා ධර්මසාලාහිදී පැවැත්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14