කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පළමු අදියරේ මෙහෙයුම් ආරම්භ වන දිනය දැනුම් දෙයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පළමු අදියරේ මෙහෙයුම් ආරම්භ වන දිනය වරාය, නාවික හා ගුවන් සේවා
අමාත්‍යාංශය දැනුම් දෙයි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පළමු අධියරේ ඉදිකිරීම් අවසන් කර එහි මෙහෙයුම් කටයුතු ලබන 2024 ජූනි මස පළමුවැනිදා සිට අරඹන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පැවසීය.

ඒ බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත, 2022 වර්ෂය සඳහා සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව, 2022 වර්ෂය සඳහා වරයා,නාවික හා ගුවන් සේවා
අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්ථාව සලකා බැලීම සඳහා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය හා සීමා සහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා ( ශ්‍රී ලංකා )( පෞද්ගලික )සමාගමේ නිලධාරීන් කමිටුව හමුවට කැඳවා තිබුණි.

ඒ අනුව ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරී (සංශෝධන) පනත් කෙටුම්පතට කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

කමිටුව හමුවේ කරුණු දක්වමින් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පැවසුවේ කොළඹ වාරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් වලින් මේ වන විට 20% ප්‍රගතියක් ලබා තිබෙන බවයි.

නැගෙනහිර පර්යන්තයේ, ඉදිකිරීම් 2025 වසරේ දෙවන කාර්තුවේ අවසන් කිරීමටද සැලසුම්කර ඇත.

කොළඹ වාරයේ බටහිර පර්යන්තයයේ ඉදිකිරීම් වලද දැනට 20% ප්‍රගතියක් ලබාගෙන තිබෙන බවත් එහි ඉදිකිරිම්ද 2025 වසරේ දෙවන කාර්තුවේ අවසන් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යාංශ නිලධාරීන් පැවසුහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේව බේරාගන්න විපක්ෂ ප්‍රබලයෝ පාරට බහී
06:49
Video thumbnail
පැමිණි බසයටම ය#වී එළොව ගිය මගියා..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:46
Video thumbnail
වැලිගම හදිසියේ හටගත් ගින්න නිසා ඇති වූ උණුසුම් තත්ත්වය
02:28
Video thumbnail
"පච කියන්න එපා..කෙ#විලාම යන්නේ ආ" චමින්ද කුපිත වී හොඳම එකෙන් දෙසයි
12:09
Video thumbnail
රාජපක්ෂලාට හොරු කිව්වට තාම කිසිම හොරෙක් අල්ලලා නෑ
02:56
Video thumbnail
කපිලව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගේ කාමරයට ගිහින් ප්‍රකාශ බලෙන් ලබාගෙන ?..නීතිඥයෙක් සියල්ල හෙළිකරයි
03:05
Video thumbnail
වැඩි මිලට පෙට්‍රල් සහ ඩීසල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට
00:43
Video thumbnail
ඊශ්‍රායලය ගැන ට්‍රම්ප් කුපිත වෙයි - ලෝකයම අමාරුවේ දාන ගෑස් නිධි ප්‍රහාර
07:41
Video thumbnail
ඔයාලා එදා හිනා වුණානේ - ඕක තමයි දෛවයේ සරදම
04:46
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47