ශාන්ත පීතර විද්‍යාලයේ අතුරුදන් වූ සිසුවා සොයා දෙන්නැයි මව ඉල්ලයි

බම්බලපිටිය – ශාන්ත පීතර විද්‍යාලයේ අධ්‍යාපනය ලබන වයස අවුරුදු 16ක සිසුවෙකු නිවසින් අතුරුදන්ව ඇතැයි ඔහුගේ මව පවසනවා.

රත්මලාන – දහම් මාවතේ පදිංචි ඇල්ඩන් ඩෙවොන් කෙනී නැමැති 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම සිසුවා ඊයේ පෙරවරුවේ නිවසින් පිටව ගොස් ඇති අතර, මේ වනතුරුත් නිවසට පැමිණ නැහැ.

එම සිසුවා සාමාන්‍ය ඇඳුමකින් සැරසී පෙරවරු 6.30ට පමණ මොරටුව දෙසට ගමන් කරන අයුරු සී.සී.ටී.වී. දර්ශනයක දැක්වෙනවා. මෙම සිසුවා පිළිබඳව යම් තොරතුරක් වෙතොත් 077 3779850 දුරකතන අංකයට දැනුම්දිය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?