ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සඳහා අනිද්දා (26) රාත්‍රියේ ජර්මනිය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
ජර්මනියේ බර්ලින් ගෝලීය සංවාදය සඳහා සහභාගී වීමට ජනාධිපතිවරයා මෙලෙස ජර්මනිය බලා පිටත්ව යන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
එහිදී ජනාධිපතිවරයා එම සමුළුව ඇමතීමට ද නියමිතව තිබෙනවා.
බර්ලින් ගෝලීය සංවාදය ලබන 28 සහ 29 යන දෙදින පැවැත්වීමට නියමිත අතර, වර්තමාන භූ දේශපාලන හා ආර්ථික අභියෝගවලට ගෝලීය වශයෙන් විසඳුම් සෙවීම මෙහි අරමුණ වී තිබෙනවා.
මේ අතර, කියුබානු සහ ඇමරිකානු සංචාර නිමා කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (24) පෙරවරුවේ දිවයිනට පැමිණියා.














BALAYATA APU HEMA WELAWEMA MEYA MEHEMA THAMAYI, KELAWARAK NATHI LOKA SAWARI. OKKOMA ANDUWE KIYANNE DUPPATH APE WIYADAMIN. NONETH EKKA YANAWA. DENNAMA EKA EKA DESHANA THIYALA KOTI GANAN SALLI HOYANAWA ATHI. EWA MEHE ENNETH NATHIWA ATHI. MODA GATHI KALAKANNI WAHALLU RELA HITHANNE ME APITA KORANN GENNA YANAWA KIYALA. HEMA EKAMA ADU WADI LESA MEHEMA THAMAYI.