න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා – විදේශ කටයුතු ඇමති

විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම (CTBT) අනුමත කරන අතරම, න්‍යෂ්ටික නිරායුධකරණය සහ න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි පවසනවා.

විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම ( CTBT )පිළිබඳ යුරෝපා සංගමයේ 14 වන වගන්තියේ සම්මන්ත්‍රණයේ කොටසක් ලෙස කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි සඳහන් කළේ පසුගිය ජුලි මාසයේ දී විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම ශ්‍රී ලංකාව නිල වශයෙන් අනුමත කළ බවත්, එය න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම පිළිබඳ රටේ දීර්ඝකාලීන සහ ස්ථාවර ප්‍රතිපත්තිය සමඟ අනුකූල වන බවයි.

1996 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාව විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුමට අත්සන් තැබීමත් සමඟ, ඊට අත්සන් තැබූ පළමු රටවල් අතර 13 වන ස්ථානයට මෙරට පත් වූ බවත්, එය කැපී පෙනෙන කරුණක් බවත් සඳහන් කළ අමාත්‍යවරයා මහනුවර, පල්ලේකැලේ සහායක භූ කම්පන මධ්‍යස්ථානයක්ද ස්ථාපිත කළ බව පැවසුවා.

සම්මුතිය බලාත්මක කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුම් සංවිධානයේ (CTBTO) විධායක අධ්‍යක්ෂ ෆ්ලොයිඩ් ඇතුළු කණ්ඩායම සිදුකරන කැපවීම ද මෙහිදී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රිගේ ඇගයීමට ලක් වුණා.

තවද, ශ්‍රී ලංකාව 1996 දී ගිවිසුමට අත්සන් තැබූ දින සිට ස්ථානීය පරීක්‍ෂණ (OSI) අංශය සමඟ සමීප සහයෝගීතාව ඇතුළුව න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුම් සංවිධානයෙහි ( CTBTO) වැඩකටයුතු සඳහා ක්‍රියාකාරීව සහාය ලබා දී තිබෙන බවත්, ලොව පුරා සිටින තාක්ෂණික විශේෂඥයින් ඇතුළු 180 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2025 වසරේ දී පැවැත්වෙන මීළඟ ස්ථානීය පරීක්‍ෂණ ඒකාබද්ධ ක්ෂේත්‍ර අභ්‍යාසය (OSI) සඳහා සත්කාරකත්වය ශ්‍රී ලංකාව විසින් සපයන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

මෙය අභ්‍යාසය විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුම් සංවිධානයේ (CTBTO) ස්ථානීය පරීක්ෂණ හැකියාවන් වැඩිදියුණු කිරීමට සහ තවදුරටත් වැඩිදියුණු කිරීමේ අවස්ථා හඳුනා ගැනීමට තීරණාත්මක අවස්ථාවක් බවද අමාත්‍යවරයා පැවසුවා.

ශ්‍රී ලංකාව මෙම ගිවිසුමට අත්සන් තබා මෙම වසරට, වසර 26ක් සපිරෙන අතර ගෝලීය න්‍යෂ්ටික නිරායුධකරණය සහ න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම සඳහා පාලන තන්ත්‍රයේ මූලික සන්ධිස්ථානයක් ලෙස එහි වැදගත්කම ද අමාත්‍යවරයා විසින් අවධාරණය කරනු ලැබුවා.

විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම ( CTBT ) න්‍යෂ්ටික අත්හදා බැලීම්වලට එරෙහිව සැලකිය යුතු සාමූහික විශ්වාසයක් ගොඩනැංවීමට කටයුතු කරන අතර, සීතල යුද සමයේ භයානක න්‍යෂ්ටික අවි තරඟය ඵලදායි ලෙස පාලනය කිරීමට සමත් වුණා.

මීට අමතරව, ගිවිසුමේ සත්‍යාපන තන්ත්‍රය න්‍යෂ්ටික නිරායුධකරණයෙන් ඔබ්බට යමින් සිවිල් සහ විද්‍යාත්මක අරමුණු දක්වා විහිදෙන යෙදුම් සමඟ ශක්තිමත් ජාත්‍යන්තර නිරීක්ෂණ පද්ධතියක් සහ ජාත්‍යන්තර දත්ත මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කර තිබෙනවා.

නැඟී එන භූ දේශපාලනික ආතතීන් සහ මෑතකාලීන අභියෝග හමුවේ, න්‍යෂ්ටික ව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුම (NPT) සමාලෝචන සමුළුවේදී, ගෝලීය ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුමෙහි (CTBT) තීරණාත්මක කාර්යභාරය පෙන්වා දුන් අලි සබ්‍රි අනුමත කිරීම සඳහා ස්ථිර ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලුම රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියා.

න්‍යෂ්ටික අවිහරණය සහ නිරායුධකරණය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ස්ථිරව පවතින බවත්, මෙම තීරණාත්මක අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවටත් අමාත්‍යවරයා ප්‍රතිඥා දුන්නා.

න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුම (NTPNW ) වෙත ශ්‍රී ලංකාව ප්‍රවේශවීමේ නිත්‍යනුකූල ලේඛනය පසුගියදා බාර දුන් බව ද සඳහන් කළ අමාත්‍යවරයා විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම ( CTBT) අනුමත කිරීම මඟින් න්‍යෂ්ටික අවිහරණය සහ නිරායුධකරණය හරහා ගෝලීය සාමය සහ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකාවේ තිරසර කැපවීම නැවතත් තහවුරු කළා.

  1. nyashtika noweyi yako mehe unta kanna nahe, light bilayi, wathura bilayi telephone bilayi gewwama kanna salli nahe. thahanam karanna epa hakinam nyasthika bombayak genath atha herapalla lanakawa udin apita eka sarema marila yanna.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14