AFC Banner
Empty Ad
Empty Ad

හාල් හිඟයක් තියෙන්න බෑ – කෘෂිකර්ම ඇමති

තරඟකාරී ලෙස රජය සහ පුද්ගලික අංශය වී මිලදීගැනීම හේතුවෙන් ඉතිහාසයේ වැඩිම වී මිලක් රජරටින් ඊයේ දිනයේ වර්ත් වී තිබුනා

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ වෙළෙඳපොළ තුළ මේ වන විට මතුව ඇති සහල් හිඟයට හේතු වී ඇත්තේ මෝල් හිමියන් සහල් සැඟවීමට ක්‍රියාකිරීම බවය.

රජය සහ පුද්ගලික අංශයෙන් තරඟකාරී ලෙස වී මිලදීගැනීම අඛණ්ඩව සිදුවන පසුබිමක රජයේ සහතික මිල අභිබවා යමින් කීරි සම්බා වී කිලෝවක් රුපියල් 95 කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 75 කටත්, නාඩු වී කිලෝවක් රුපියල් 60කටත් මහා පරිමාණ මෝල් හිමියන් මේ වනවිට මිලදී ගනු ලබයි.

මේ තත්ත්වය තුළ රජයේ පාලන මිල ඉක්මවා යමින් සහල් මිලද දිගින් දිගටම ඉහළ යමින් පවතී.

රජයේ පාලන මිල ඉක්මවා යමින් කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 175කටත්, සම්බා සහල් කිලෝවක් රුපියල් 125-130ත් අතර මිලකටත්, නාඩු සහල් කිලෝවක් රුපියල් 110කටත් මේවන විට වෙළෙඳපොළේ අලෙවි වේ.

දිනෙන් දින සහල් මිල වැඩිවීමට හේතුව මහා පරිමාණ වී මෝල් හිමියන් බව කෘෂිකර්ම ඇමතිවරයා චෝදනා කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?