ජයවර්ධනපුර සරසවිය යටතේ විශ්ව විද්‍යාල විද්‍යායතනයක් ආරම්භ කිරීම ගැන අවධානය

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය යටතේ ව්‍යවසායකත්වය පිළිබඳ විශ්ව විද්‍යාල විද්‍යායතනයක් (University College) ආරම්භ කිරීම සමබන්ධයෙන් ජාතික සභා අනු කාරක සභාවේ අවධානය යොමුවී තිබෙනවා.

මේ පිළිබඳව සාකච්චා කෙරුණේ කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හදුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

මෙහිදී අධ්‍යනාංශයක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය යටතේ පවතින ව්‍යවසායකත්ව අධ්‍යයන අංශය මෙසේ විශ්ව විද්‍යාලය විද්‍යායතනයක් බවට පත්කිරීමේ අවශ්‍යතා පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.

මෙමගින් ළමයින් විශාල පිරිසකට ව්‍යවසායකත්ව දැනුම ලබාගැනීමට අවස්ථාව සැලසෙන බවයි සඳහන් කෙරුණේ. මෙහිදී මෙම ආයතනයේ ආරම්භක සැලැස්ම සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීම සිදු වී තිබෙනවා.

මේ අනුව මෙම විශ්ව විද්‍යාලය විද්‍යායතනය (University College) හෝමාගම පිටිපන ප්‍රදේශය මූලිකව ආරම්භ කිරීමට සාකච්ඡා වුණා.

එසේම කුරුණෑගල සහ ගාල්ල ‍වැනි දිස්ත්‍රික්කවලද මෙම විශ්ව විද්‍යාලය විද්‍යායතනය ආරම්භ කිරීම පිළිබඳ අවදානය යොමු වූ අතර ඒ සඳහා එම දිස්ත්‍රික්කවල පවතින දැනට ඇති Technology Park නම් ඉඩම් යොදාගැනීම පිළිබඳවයි සාකච්ඡා කර ඇත්තේ.

ඉතා ඉක්මනින් මෙම ආයතනය ආරම්භ කිරීමට අදාළව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

එසේම ඉදිරිපත් කිරීමක් සහිතව මෙම අධ්‍යනාංශයෙන් අධ්‍යායන කටයුතු සිදු කර දැනට ව්‍යවසායකයන් ලෙස ක්ෂේත්‍රයේ වැඩකරන පුද්ගලයන් පිළිබඳව ද පැමිණි ආචාර්යවරුන් පෙන්වා දී තිබෙනවා.

මෙහිදී මෙම අනුකමිටුවේ සභාපතිවරයා විසින් ව්‍යවසායකත්ව දැනුම රටටම අවශ්‍ය කරුණක් බව පෙන්වා දුන් අතර, මෙම විශ්ව විද්‍යාල විද්‍යායතනය රටට ඉතා වැදගත් බවද සඳහන් කළා.

එසේම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියාසිටියේ මේ වෙනුවෙන් තාවකාලිකව හෝ ගොඩනැගිල්ලක් ලබාදීමට හැකි නම් එය ඉතා වැදගත් වන බවයි.

තව ද මේ පිළිබඳ ප්‍රගති සමාලෝචනය මාසයක් ඇතුළත සිදුකිරීම ද මෙහිදී තීරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.26
00:00
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට හොඳම එකෙන් කියද්දි දිලිත්ටත් හොඳටම හිනා - වටේ යන්නේ නෑ.. වටේ යන්න වෙනවා මේවට
06:17
Video thumbnail
අජිත් - හර්ෂණ පාර්ලිමේන්තුවේ ගැටෙයි - ඇයි මෙච්චර පරක්කු - මොකක්ද තියෙන ප්‍රගතිය
07:30
Video thumbnail
සජිත් උදෙන්ම පාර්ලිමේන්තුව දෙවනත් කරයි - බොරු කියන්න එපා මොනවද මේ..හොඳට කියවන්න
03:35
Video thumbnail
පොසොන් පොහොය නිමිත්තෙන් දෙන දන්සල්වලට නව නීති මාලාවක් - ෂොපින්, ප්ලාස්ටික් කෝප්ප තහනම් කරයි
05:03
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කිරීමේදී උණුසුම් තත්ත්වයක් - අම්මටහුඩු ඩෙංගු තවාන් දාලා වගේ..පැත්තටම ඇති මේක
14:24
Video thumbnail
මීට සුළු මොහොතකට පෙර සිදුවූ බිහිසුණු අනතුර මෙන්න - පෞද්ගලික බස් රථ 2ක් එකිනෙක ගැටී 12ක් රෝහලේ
00:33
Video thumbnail
කෙහෙල්බද්දර පද්මෙගේ වෙ#ඩික්කරු මෙරරට ගෙන ආ හැටි
01:14
Video thumbnail
විශාල ගසක් ත්‍රීරෝද රථ දෙකක් මතට කඩා වැටී සිදුවූ බිහිසුණු අනතුර
00:43
Video thumbnail
විශාල ගසක් ත්‍රීරෝද රථ දෙකක් මතට කඩා වැටී සිදුවූ බිහිසුණු අනතුර
01:08