AFC Banner
Empty Ad
Empty Ad

කැනඩා ජනපතිගේ චෝදනාවෙන් පසු ඉන්දු – කැනඩා අර්බුදයක්

ඉන්දීය සික් වැසියන්ට වෙනම ස්වාධීන රාජ්‍යයක් පිහිටුවීම සඳහා ත්‍රස්‌ත ක්‍රියාදාමයන්ගෙන් පිරි සංවිධානයක අනුගාමිකයෙක් වූ සික් සම්භවයක් ඇති කැනේඩියානු ජාතිකයෙකුගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට ඉන්දු-කැනඩා රාජතාන්ත්‍රික අර්බුදයක් පැන නැඟී තිබෙනවා.

ඒ, ඛලිස්තාන් නායක හර්දීප් සිං නිජ්ජාර් ඝාතනයට ඉන්දීය රජයේ සහයෝගය ලැබී ඇති බවට කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් තෘඩෝ ප්‍රසිද්ධියේ චෝදනා කිරීමත් සමඟයි.

මෙම චෝදනාවත් සමඟ කැනේඩියානු රජය විසින් කැනඩාවේ ඉන්දීය තානාපති නිලධාරියෙකු එරටින් පිටුවහල් කිරීමට ද කටයුතු කරනු ලැබුවා.

කැනේඩියානු රජයේ මෙම ක්‍රියාවට ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව ද නව දිල්ලියේ කැනේඩියානු තානාපති කාර්යාලයේ නිලධාරියෙකුට දින 05ක් ඇතුළත රටින් පිටවන ලෙස නියෝග කර තිබෙනවා.

ඊට අමතරව ඉන්දීය රජය පවසා ඇත්තේ කැනඩා ජනපති එල්ල කරන ලද ඝාතන චෝදනා සියල්ල තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

කැනඩාව තුළ සිදුවන නීති විරෝධී ක්‍රියා, මිනිස් ඝාතන, අනවසර මිනිස් සහ සංවිධානාත්මක අපරාධ සඳහා කැනේඩියානු රජය ඉඩකඩ සැලසීම අලුත් දෙයක් නොවන බව පවසන ඉන්දියාව, කැනඩාව තුල සිදුවන ඉන්දු-විරෝදී ක්‍රියාවලට එරිහිව වැට බඳින ලෙසටද ඉල්ලීමක් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?