කැනඩා ජනපතිගේ චෝදනාවෙන් පසු ඉන්දු – කැනඩා අර්බුදයක්

ඉන්දීය සික් වැසියන්ට වෙනම ස්වාධීන රාජ්‍යයක් පිහිටුවීම සඳහා ත්‍රස්‌ත ක්‍රියාදාමයන්ගෙන් පිරි සංවිධානයක අනුගාමිකයෙක් වූ සික් සම්භවයක් ඇති කැනේඩියානු ජාතිකයෙකුගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට ඉන්දු-කැනඩා රාජතාන්ත්‍රික අර්බුදයක් පැන නැඟී තිබෙනවා.

ඒ, ඛලිස්තාන් නායක හර්දීප් සිං නිජ්ජාර් ඝාතනයට ඉන්දීය රජයේ සහයෝගය ලැබී ඇති බවට කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් තෘඩෝ ප්‍රසිද්ධියේ චෝදනා කිරීමත් සමඟයි.

මෙම චෝදනාවත් සමඟ කැනේඩියානු රජය විසින් කැනඩාවේ ඉන්දීය තානාපති නිලධාරියෙකු එරටින් පිටුවහල් කිරීමට ද කටයුතු කරනු ලැබුවා.

කැනේඩියානු රජයේ මෙම ක්‍රියාවට ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව ද නව දිල්ලියේ කැනේඩියානු තානාපති කාර්යාලයේ නිලධාරියෙකුට දින 05ක් ඇතුළත රටින් පිටවන ලෙස නියෝග කර තිබෙනවා.

ඊට අමතරව ඉන්දීය රජය පවසා ඇත්තේ කැනඩා ජනපති එල්ල කරන ලද ඝාතන චෝදනා සියල්ල තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

කැනඩාව තුළ සිදුවන නීති විරෝධී ක්‍රියා, මිනිස් ඝාතන, අනවසර මිනිස් සහ සංවිධානාත්මක අපරාධ සඳහා කැනේඩියානු රජය ඉඩකඩ සැලසීම අලුත් දෙයක් නොවන බව පවසන ඉන්දියාව, කැනඩාව තුල සිදුවන ඉන්දු-විරෝදී ක්‍රියාවලට එරිහිව වැට බඳින ලෙසටද ඉල්ලීමක් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර්ගේ අභද්‍ර වචනය ගැන කළබල වෙන්න ඕනි නෑ - අපිට විපක්ෂ නායක ගැන විශ්වාසයි
03:40
Video thumbnail
"ඉතිහාසයේ කවදාවත් නොවුණු පුදුමාකාර දෙයක් වෙලා තියෙන්නේ"
00:22
Video thumbnail
කාටත් හොරා විදේශ රටකින් ආනයනය කළ බදු නොගෙවූ සිගරට් තොගයක් කොටුවෙයි
01:01
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ බද්දේගම රත් කළ වෙ# වරුසාව - මෙන්න CCTV දර්ශන එළියට..
01:18
Video thumbnail
යුද හමුදාවට රටේ බලය දීම ගැන දොලවත්තගෙන් හෙළිදරව්වක් - හමුදාවට පුරුදු නෑ මිනිස්සු එක්ක ගණුදෙනු කරලා
07:45
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
අවු:20කින් හාරපු නැති ඇළක අනවසර ඉදිකිරීම ගොඩක් කරලා - ඉවත් කිරීමේදී මිනිස්සුන්ගෙන් චෝදනා
04:19
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි - "ගලවපන්..ගලවපන් - කඩන්න එපා"
01:58
Video thumbnail
තාත්තයි පුතයි ඇවිත් සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ - කැරම් බෝඩ්වල Barcode මාරු කරලා දුන්න ගේම
01:36
Video thumbnail
කාටත් හොරා තබාගත් රිවෝල්වරයක් සහ උණ්ඩ දෙකක් සමඟ පුද්ගලයෙක් වාද්දූවෙන් කොටු
00:51