ගෝලීය සුබසාධනය වෙනුවෙන් G20 නායකයින් මුලපුරයි

ඉන්දියාවේ සභාපතීත්වය යටතේ නවදිල්ලියේදී පැවැති G20 රාජ්‍ය නායක සමුළුවේ වඩාත් අවධානය යොමු කෙරුණු ඉසව්වක් වූයේ ගෝලීය සුබසාධනයයි.

සමුලුව අමතමින් ගෝලීය ප්‍රජාවගේ අභිවෘද්ධිය සඳහා ක්‍රියා කිරීම සඳහා G20 සිය කැපවීමෙහි ස්ථිරව සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේය.

එමෙන්ම G20 සංවිධානය ගෝලීය යහපත සඳහාවන එහි කාර්ය භාරයෙන් කිසිසේත්ම අපගමනය නොවී ඇතැයි අවධාරණය කළ මෝදි අග්‍රාමත්‍යවරයා සියලු සාමාජිකයන් සාමූහිකව ඒ සඳහා කැපවිය යුතු බව අවධාරණය කළේය.

G20 නායකයින් නවදිල්ලි ප්‍රකාශය සම්මත කර ගැනීමත් සමඟ ඉන්දියාව ගෝලීය ප්‍රශංසාවට ලක් විය.

සැලකිය යුතු කරුණක් නම්, ප්‍රකාශයේ ඡේද 83 ම චීනයේ සහ රුසියාවේ සියයට 100 ක එකඟතාවයකින් ඒකමතිකව සම්මත වීමයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය දේශනයේදී සියලු රටවල්වලින් ඉල්ලා සිටියේ එකිනෙකා කෙරෙහි විශ්වාසය ගොඩනඟා ගැනීම සඳහා අත්වැල් බැඳගෙන එකට වැඩ කරන ලෙසයි.

COVID-19 වැනි මාරාන්තික වසංගතයක් ලෝකයට ජය ගත හැකි නම්, යුද්ධය නිසා ඇති වූ විශ්වාසයේ ඌනතාවයෙන් නියත වශයෙන්ම ජයග්‍රහණය කළ හැකි බව ඔහු ප්‍රකාශ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12