AFC Banner
Empty Ad
Empty Ad

ජපන් තරුණිය ශ්‍රී ලාංකික පෙම්වතාට හිමිවේ

අප්‍රේල් මස දරු ප්‍රසුතිය සදහා සූදානම් වන පරිවාස භාරයේ සිටින ජපන් ජාතික සෝරා ඔටාකි නමැති තරුණිය රුපියල් ලක්‍ෂ 15ක බැඳුම්කරයක් මත ඇයගේ පෙම්වතා වන කසුන් මධුශංක බණ්ඩාර නැමැත්තාගේ ලොකු අම්මා වෙත භාර දීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළේ, ජපන් ජාතික තරුණියක ශ්‍රීලංකාවට රැගෙනවිත් අපහරණයට ලක්කළ බවට සහ ඒ සඳහා ආධාර අනුබල දීමේ චෝදනා ඉදිරිපත් කරමින් කොච්චිකඩේ පොලිසිය විසින් එම පෙම්වතාට සහ තවත් පස් දෙනෙකුට එරෙහිව පවරනු ලැබ ඇති නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරියන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය ඇති වූ මුල් අවස්ථාවේ සිදුකළ පැමිණිල්ල අනුව නඩුව පවරා ඇති බවත් තම දියණියගේ සහ ඉපදීමට සිටින දරුවාගේ අනාගතය සලකා ශ්‍රී ලාංකික පෙම්වතාට තම දියණිය විවාහ කර දීමට සොරා ඔටාකිගේ මව වන චියෝරා ඔටාකි මහත්මිය කැමැත්ත පළ කර ඇති බවත් ප්‍රකාශ කළා.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් තම සේවාදායකයාගේ පෙම්වතිය අප්‍රේල් මස 8 වන දිනට දරු ප්‍රසූතිය සඳහා සූදානමින් සිටින බවත් පරිවාස භාරයේ සිටීම නිසා ඇය යහපත් මානසික තත්ත්වයකින් පසු නොවන බවත් හැකියාවක් ඇත්නම් දරු ප්‍රසූතිය සඳහා ඇය පෙම්වතාගේ ඥාතීන් භාරයට පත්කරන ලෙසත් ඉල්ලා සිටින බව දන්වා සිටියා.

පරිවාස වාර්තා සහ දෙපාර්ශවයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ජපන් ජාතික පෙම්වතිය ඇයගේ පෙම්වතාගේ ලොකු අම්මා වෙත ලක්‍ෂ 15 වක බැඳුම්කරයක් මත මුදා හැරීමටත් මෙම යුවළගේ විවාහය ජපන් තානාපති කාර්යාලයේ සිදුකළ හැකි දැයි විමසීමටත් මීළඟ නඩු දිනයේදී තානාපති කාර්යලයේ නිලධාරියෙකු කැඳවීම සඳහා නොතිසි නිකුත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?