ජපන් තරුණිය ශ්‍රී ලාංකික පෙම්වතාට හිමිවේ

අප්‍රේල් මස දරු ප්‍රසුතිය සදහා සූදානම් වන පරිවාස භාරයේ සිටින ජපන් ජාතික සෝරා ඔටාකි නමැති තරුණිය රුපියල් ලක්‍ෂ 15ක බැඳුම්කරයක් මත ඇයගේ පෙම්වතා වන කසුන් මධුශංක බණ්ඩාර නැමැත්තාගේ ලොකු අම්මා වෙත භාර දීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළේ, ජපන් ජාතික තරුණියක ශ්‍රීලංකාවට රැගෙනවිත් අපහරණයට ලක්කළ බවට සහ ඒ සඳහා ආධාර අනුබල දීමේ චෝදනා ඉදිරිපත් කරමින් කොච්චිකඩේ පොලිසිය විසින් එම පෙම්වතාට සහ තවත් පස් දෙනෙකුට එරෙහිව පවරනු ලැබ ඇති නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරියන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය ඇති වූ මුල් අවස්ථාවේ සිදුකළ පැමිණිල්ල අනුව නඩුව පවරා ඇති බවත් තම දියණියගේ සහ ඉපදීමට සිටින දරුවාගේ අනාගතය සලකා ශ්‍රී ලාංකික පෙම්වතාට තම දියණිය විවාහ කර දීමට සොරා ඔටාකිගේ මව වන චියෝරා ඔටාකි මහත්මිය කැමැත්ත පළ කර ඇති බවත් ප්‍රකාශ කළා.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් තම සේවාදායකයාගේ පෙම්වතිය අප්‍රේල් මස 8 වන දිනට දරු ප්‍රසූතිය සඳහා සූදානමින් සිටින බවත් පරිවාස භාරයේ සිටීම නිසා ඇය යහපත් මානසික තත්ත්වයකින් පසු නොවන බවත් හැකියාවක් ඇත්නම් දරු ප්‍රසූතිය සඳහා ඇය පෙම්වතාගේ ඥාතීන් භාරයට පත්කරන ලෙසත් ඉල්ලා සිටින බව දන්වා සිටියා.

පරිවාස වාර්තා සහ දෙපාර්ශවයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ජපන් ජාතික පෙම්වතිය ඇයගේ පෙම්වතාගේ ලොකු අම්මා වෙත ලක්‍ෂ 15 වක බැඳුම්කරයක් මත මුදා හැරීමටත් මෙම යුවළගේ විවාහය ජපන් තානාපති කාර්යාලයේ සිදුකළ හැකි දැයි විමසීමටත් මීළඟ නඩු දිනයේදී තානාපති කාර්යලයේ නිලධාරියෙකු කැඳවීම සඳහා නොතිසි නිකුත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09