AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකිකයින්ට කොරියාවේ වැඩි රැකියා අවස්ථා

ශ්‍රී ලංකිකයින්ට කොරියාවේ වැඩි රැකියා අවස්ථා ලබා දීමට එරට කම්කරු හා රැකියා අමාත්‍ය Lee Jung-Sik මහතා එකගතාවය පල කර ඇති බ විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.

කොරියාවේ කම්කරු හා රැකියා අමාත්‍ය Lee Jung-Sik මහතා ඇතුළු දූත පිරිසක් දෙදින නිල සංචාරයක් සදහා ඉකුත් 14 වෙනිදා මෙරටට පැමිණ ඇත.එම අවස්ථාවේදී විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කොරියාණු දූත පිරිස හමුවී සාකච්ඡාවක්ද පවත්වා ඇත.

ඇගළුම් සහ සාත්තු සේවක ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා මෙරට ශ්‍රමිකයින්ට වැඩි වශයෙන් ලබා දීමට කටයුතු කරන ලෙස අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කොරියාණු දූත පිරිසෙන් ඉල්ලා ඇත.එම ඉල්ලීමට කොරියාණු දූත පිරිස සුභවාදී ලෙස ප්‍රතිචාර දක්වා ඇත.
කොරියාවේ ක්‍රියාත්මක වන නැව් ඉදිකිරීම සදහා මෙරට ශ්‍රමිකයින්ට වැඩි අවස්ථාවක් ලබා දිය හැකි බවද එරට දූත පිරිස මෙහිදී සදහන් කර ඇත.දෙරට අතර ද්වි පාර්ශික සම්බන්ධතා තව දුරටත් ශක්තිමත් කර ගනිමින් මෙරට ශ්‍රමිකයින්ට තම රට තුළ වැඩි රැකියා අවස්ථා ලබා දීමට ඉදිරියේදී තම පූර්ණ සහාය ලබා දෙන බවද කොරියාවේ රැකියා සහ කම්කරු අමාත්‍ය Lee Jung-Sik මහතා මෙහිදී සදහන් කර ඇත.

මෙම අවස්ථාවට කොරියාවේ කම්කරු හා රැකියා අධ්‍යක්ෂක ජනරාල්වරයාද, මෙරට කොරියාණු තානාපතිනිය ඇතුළු පිරිසක්ද එක්ව සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
1
+1
6
+1
1
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?