පළාත් සභාවලට ලබාදෙන මුදල් විනිවිද භාවයකින් පරිහරණය කරන ලෙස උපදෙස්

වර්තමානයේ පළාත් සභා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පළාත් සභාවලට ලබාදෙන මුදල් විනිවිද භාවයකින් යුක්තව පරිහරණය කරන ලෙස මුදල් කොමිෂන් සභාවට, විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

පළාත් සභා ස්වාධීනව කටයුතු කළ හැකි ආකාරයට ගොඩ නැගිය යුතු බව කාරක සභා සභාපතිවරයා මෙහිදී අවධාරණය කළා. එබැවින් ඒවායේ දියුණුවට පවතින බාධාවන් හඳුනාගෙන ඉදිරිපත් කිරීමේ වගකීමක් මුදල් කොමිෂන් සභාව සතුව පවතින බවයි සභාපතිවරයා ප්‍රකාශ කළේ.

පළාත් සභා ක්‍රියාත්මක නොවන කාල සීමාවේදී පළාත් සභා සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීම වැඩි කර තිබෙන බව මුදල් කොමිෂන් සභා නිලධාරීන් මෙහිදී කියාසිටියා.

තව දුරටත් කරුණු දක්වමින් එම නිලධාරීන් සඳහන් කළේ 2024 වර්ෂයට පළාත් සභා සඳහා මුදල් වෙන් කිරීමේදී දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් රුපියල් බිලියන 16.6ක මුදලක් වෙන්කිරීමට කටයුතු යොදා තිබෙන බවයි.

ඒ අනුව පළාත් සභා සඳහා කෙතරම් මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබෙනවාද, ඊට සමගාමීව පළාත් සභා අත්‍ කරගෙන තිබෙන ප්‍රගතීන් මොනවාද යන්න පිළිබඳව කමිටුව දැනුවත් කරන ලෙස සභාපතිවරයා උපදෙස් ලබා දෙනු ලැබුවා.

පොලිස් කොමිෂන් සභාවේ නිලධාරීන් හමුවේ අදහස් දැක්වූ සභාපතිවරයා, පොලිසිය තවදුරටත් ජනතා මිත්‍රශීලි ආයතනයක් ලෙස කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් අතර ඒ අනුව පොලිසිය දේශපාලනඥයින්ගෙන් වෙන්ව තැබිය යුතු බවයි සභාපතිවරයා අවධාරණය කළේ.

මෙහිදී පොලිස් කොමිෂන් සභා නිලධාරීන් තම සේවා කටයුතු සිදු කිරීමේදී මුහුණ දී සිටින දැඩි මානව සම්පත් හිඟය පිළිබඳව සභාපතිවරයාගේ අවධානය යොමු කරනු ලැබුවා.

ඒ අනුව දැනට පොලිස් කොමිෂන් සභාවේ ප්‍රගතිය ගැන වාර්තාවක් සකස් කරන ලෙසත් එම වාර්තාවට පවතින අභියෝග හා ගැටලු පිළිබඳවද ඇතුලත් කර කමිටුවට භාර දෙන සභාපති වරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15