රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ්‍ය ජනරාල් ඉල්ලා අස්වේ

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවට වෙත වාර්තා වනවා.

මේ අතර පසුගිය දින කිහිපයේ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුටම තම තනතුරු අහිමිව තිබෙනවා. ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නියෝගයකට අනුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ මහතා ඇතුළු අධ්‍යක්ෂ්‍ය මණ්ඩලයද පසුගියදා ඉල්ලා අස්වුණා.

ඖෂධ නියාමන අධිකාරියේ සාමාජිකයින් සිව්දෙනෙකු ලෙස කටයුතු කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්ගේ විශේෂ කලාපීය නියෝජිත වෛද්‍ය පාලිත අබේකෝන්, කළමනාකරණ විශේෂඥ ආචාර්ය කපිල රණසිංහ, ගණකාධිකරණ විශේෂඥ හර්ෂණ කරුණාරත්න සහ නීතිඥ චාමින්දිකා හේරත් යන මහත්ම මහත්මීන් හදිසියේම ඉන් ඉවත්කිරීමට ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍යය අමාත්‍ය චන්න ජයසුමන මහතා කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?