පැහැරගෙන ගොස් පහරදුන් බව කියූ මාධ්‍යවේදියාගෙන් පාපෝච්චාරණයක්

CCDය රාජිතගෙන් සහ චතුරගෙන් ප්‍රශ්න කිරීමට සැරසේ

තමාව පැහැරගෙන ගොස් පහරදී චිප් පතක් ඉල්ලූ බවට සියරට පුවත්පතේ මාධ්‍යවේදියෙක් විසින් පසුගිය දා  පැමිණිල්ලක් සිදුකර තිබුණි. නමුත් එය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි. ඔහු විසින්ම ඔහුගේ නිවසේදී මේසන් හැන්දකින් ඔහුගේ දෙඅත් පුළුස්සාගෙන තිබෙන බවට ද කරුණු අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ අදාළ පුද්ගලයා ඉන්පසු ගොස් ඇත්තේ තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි චතුර සේනාරත්න විසින් පවත්වාගෙන යනු ලබන කාර්යාලයකට බවය.

එම කාර්යාලයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඔහුව හමුවූ බවත් අදාළ පුද්ගලයා පසුව පොලීසියට පවසා ඇත. ඒ අනුව අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීම සම්බන්ධව එම පුද්ගලයාව මේ වනවිට අත්අඩංගුවටගෙන තිබේ. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගෙන් සහ චතුර සේනාරත්න මහතාගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 

සියරට යනුවෙන් පුවත්පත් පවත්වාගෙන ගොස් ඇති සුජීව ගමගේ නමැති 62 හැවිරිදි එම පුද්ගලයා විසින් සිදුකරන ලද පාපෝච්චාරණයකින් අසත්‍ය පැමිණිල්ලක් සිදුකළ බවට මේ වනවිට පිළිගෙන ඇති බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

පසුගිය මාර්තු මස 10 වනදා පුද්ගලයින් සිව් දෙනෙකු විසින් තමන් පැහැරගෙන ගිය බවට ඔහු විසින් පොලීසියට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09