නීතීඥ බිරිය ඝාතනය කළ සැමියා ගබඩා කාමරයේ සැඟවිලා

61 හැවිරිදි ඉන්දියානු නීතීඥවරියක් ඝාතනය කිරීමේ චෝදනාවට ඇයගේ සැමියා අත්අඩංගුවට ගත පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එරට ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරියක් වූ රේණු සිංහා නැමැති තැනැත්තියක්.

ඝාතනයට ලක්වූ නීතීඥවරියගේ මෘත ශරීරය පසුගිය සෙනසුරාදා ඔවුන් පදිංචිව සිටි උත්තර ප්‍රදේශ් හි නොයිඩා නගරයේ පිහිටි නිවසේ නානකාමරයේ තිබී සොයා ගැනීමට පොලීසියට හැකිව තිබෙනවා.

දේපල විකුණා දැමීමක් සම්බන්ධයෙන් මොවුන් දෙදෙනා අතර කලක සිට ආරවුලක් පැවත ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

නීතීඥවරියගේ සොහොයුරා විසින් දින දෙකක සිට ඇයට ලබාගත් දුරකථන ඇමතුම්වලට පිළිතුරු නොලැබීමත් සමඟ, ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

අනතුරුව පොලිස් නිලධාරීන් නීතීඥවරියගේ නිවසට ගොස් සිදුකළ පරීක්ෂා කිරීම්වල දී ඇයගේ සිරුර මෙලෙස සොයාගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඒ, වනවිටත් ඇගේ සැමියා අතුරුදන්ව සිට ඇති අතර, එම නිවසේම ගබඩා කාමරයේ සැඟව සිටිය දී පොලිසිය විසින් එහි අඟුල් කඩා ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
2
+1
6
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?