නීතීඥ බිරිය ඝාතනය කළ සැමියා ගබඩා කාමරයේ සැඟවිලා

61 හැවිරිදි ඉන්දියානු නීතීඥවරියක් ඝාතනය කිරීමේ චෝදනාවට ඇයගේ සැමියා අත්අඩංගුවට ගත පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එරට ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරියක් වූ රේණු සිංහා නැමැති තැනැත්තියක්.

ඝාතනයට ලක්වූ නීතීඥවරියගේ මෘත ශරීරය පසුගිය සෙනසුරාදා ඔවුන් පදිංචිව සිටි උත්තර ප්‍රදේශ් හි නොයිඩා නගරයේ පිහිටි නිවසේ නානකාමරයේ තිබී සොයා ගැනීමට පොලීසියට හැකිව තිබෙනවා.

දේපල විකුණා දැමීමක් සම්බන්ධයෙන් මොවුන් දෙදෙනා අතර කලක සිට ආරවුලක් පැවත ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

නීතීඥවරියගේ සොහොයුරා විසින් දින දෙකක සිට ඇයට ලබාගත් දුරකථන ඇමතුම්වලට පිළිතුරු නොලැබීමත් සමඟ, ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

අනතුරුව පොලිස් නිලධාරීන් නීතීඥවරියගේ නිවසට ගොස් සිදුකළ පරීක්ෂා කිරීම්වල දී ඇයගේ සිරුර මෙලෙස සොයාගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඒ, වනවිටත් ඇගේ සැමියා අතුරුදන්ව සිට ඇති අතර, එම නිවසේම ගබඩා කාමරයේ සැඟව සිටිය දී පොලිසිය විසින් එහි අඟුල් කඩා ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා හිටපු විදියටමයි අදත් ජීවත් වෙන්නේ..අපිට හීනමානයක් නෑ - හිතාමතා කිසිම වරදක් කරන්නේ නෑ අපි
05:46
Video thumbnail
අපේ චන්දන සහෝදරයා අනතුරකට ලක්වෙලා - වරදක් කරලා තියෙනවනම් කාට වුණත් දඬුවම් ලැබෙනවා
01:55
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් කථානායකට විරුද්ධ විශ්වාසභංග‍ය අත්සන් තබපු හැටි
02:13
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25