අද සිට කොළඹ ගෙවල්වලට නැවුම් එළකිරි – ඇනවුම්කරන්න දුරකථන අංකයක්

කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල නිවසටම නැවුම් එළකිරි සැපයීමේ වැඩ සටහනේ පළමු අදියර අද (11) ආරම්භ වුණා.

පාසල් දරුවන් අතර පවතින මන්දපෝෂණ තත්ත්වය තුරන් කරලීම සඳහා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙනවා.

මෙම වැඩ පිළිවෙළෙහි පළමු අදියර අද (11) දින නාරාහේන්පිට පිහිටි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේ දී පැවැත්වුණේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන්.

මෙම නව වැඩ පිළිවෙළ අනුව නැවුම් එළකිරි කොළඹ නගර සීමාව තුළ පිහිටි නිවාස හා නිවාස යෝජනා ක්‍රමවලට සැපයීම සිදුකරනු ලබනවා.

එමෙන්ම දුරකථන අංක 0117 173 984 ට අමතා එළකිරි ඇණවුම් කිරීමට ද හැකියාව පවතින බවයි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සඳහන් කළේ.

ඒ, අනුව කොළඹ නගර සීමාව හා ඊට තදාසන්න ප්‍රදේශවලට යතුරුපැදි මඟින් එම ඇණවුම් බාරදීමට ද කටයුතු යොදා තිබෙනවා.

මෙම ක්‍රමය දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද ප්‍රචලිත කිරීමට තීරණය කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මෙහිදී සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12