spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද සිට කොළඹ ගෙවල්වලට නැවුම් එළකිරි – ඇනවුම්කරන්න දුරකථන අංකයක්

කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල නිවසටම නැවුම් එළකිරි සැපයීමේ වැඩ සටහනේ පළමු අදියර අද (11) ආරම්භ වුණා.

පාසල් දරුවන් අතර පවතින මන්දපෝෂණ තත්ත්වය තුරන් කරලීම සඳහා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙනවා.

මෙම වැඩ පිළිවෙළෙහි පළමු අදියර අද (11) දින නාරාහේන්පිට පිහිටි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේ දී පැවැත්වුණේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන්.

මෙම නව වැඩ පිළිවෙළ අනුව නැවුම් එළකිරි කොළඹ නගර සීමාව තුළ පිහිටි නිවාස හා නිවාස යෝජනා ක්‍රමවලට සැපයීම සිදුකරනු ලබනවා.

එමෙන්ම දුරකථන අංක 0117 173 984 ට අමතා එළකිරි ඇණවුම් කිරීමට ද හැකියාව පවතින බවයි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සඳහන් කළේ.

ඒ, අනුව කොළඹ නගර සීමාව හා ඊට තදාසන්න ප්‍රදේශවලට යතුරුපැදි මඟින් එම ඇණවුම් බාරදීමට ද කටයුතු යොදා තිබෙනවා.

මෙම ක්‍රමය දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද ප්‍රචලිත කිරීමට තීරණය කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මෙහිදී සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
3
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?