සිංහරාජ තොරතුරු මධ්‍යස්ථානය විවෘත කෙරේ (ඡායාරූප)

සිංහරාජය නැරඹීමට රත්නපුර දිස්ත්‍රික්කය ඔස්සේ පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් සඳහා තොරතුරු හා පහසුකම් සැපයීමේ අරමුණින් ඉදිකළ තොරතුරු මධ්‍යස්ථානය අද (10) විවෘත කෙරුණා.

කලවාන, කුඩාව, දොරවක ඇල්ල ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම මධ්‍යස්ථානය විවෘත කෙරුණේ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන්.

මෙම මධ්‍යස්ථානය ලෝක බැංකු ආධාර මත වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ පරිසර පද්ධති සංරක්ෂණය හා කළමනාකරණය සඳහා කරන ව්‍යාපෘතිය මඟින් ඉදිකර තිබෙනවා.

මෙම විවෘත කිරීමේ අවස්ථාවට ලෝක බැංකුව වෙනුවෙන් එහි නියෝජිත ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ස්වභාවික සම්පත් කළමනාකරණ විශේෂඥ ඇන්ඩර්ස් ජෙන්සන්, දේශපාලනඥන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ගාල්ල, රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික් තුනකට මායිම්ව පිහිටා ඇති සිංහරාජ ජෛවගෝල රක්ෂිත වනාන්තරය හෙක්ටයාර 11 187ක් පුරා පැතිර පවතිනවා.

මෙරටට ආවේනික ශාක වර්ග 192ක්, දුර්ලභ ශාක වර්ග19ක් සහ ජාතික මට්ටමින් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ශාක වර්ග 30ක් ද ගෝලීය මට්ටමෙන් වඳවී යාමේ තර්ජනයට මුහුණපා ඇති ශාක වර්ග 116ක් ද මෙහි දක්නට ලැබෙනවා.

මෙරටට ආවේණික ක්ෂීරපායී විශේෂ 07ක් පක්ෂී විශේෂ 25ක්, උරග විශේෂ 21ක් උභය ජීවීන් 28ක් සහ මත්ස්‍ය විශේෂ 11ක් මෙහිදී හමුවනවා.

WhatsApp Image 2023 09 10 at 5.58.14 PM 1
WhatsApp Image 2023 09 10 at 5.58.13 PM 1
WhatsApp Image 2023 09 10 at 5.58.12 PM 1 1
WhatsApp Image 2023 09 10 at 5.58.12 PM 2
WhatsApp Image 2023 09 10 at 5.58.11 PM 1
WhatsApp Image 2023 09 10 at 5.58.11 PM
WhatsApp Image 2023 09 10 at 5.58.10 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26