AFC Banner
AFC Banner
Empty Ad

සිංහරාජ තොරතුරු මධ්‍යස්ථානය විවෘත කෙරේ (ඡායාරූප)

සිංහරාජය නැරඹීමට රත්නපුර දිස්ත්‍රික්කය ඔස්සේ පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් සඳහා තොරතුරු හා පහසුකම් සැපයීමේ අරමුණින් ඉදිකළ තොරතුරු මධ්‍යස්ථානය අද (10) විවෘත කෙරුණා.

කලවාන, කුඩාව, දොරවක ඇල්ල ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම මධ්‍යස්ථානය විවෘත කෙරුණේ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන්.

මෙම මධ්‍යස්ථානය ලෝක බැංකු ආධාර මත වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ පරිසර පද්ධති සංරක්ෂණය හා කළමනාකරණය සඳහා කරන ව්‍යාපෘතිය මඟින් ඉදිකර තිබෙනවා.

මෙම විවෘත කිරීමේ අවස්ථාවට ලෝක බැංකුව වෙනුවෙන් එහි නියෝජිත ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ස්වභාවික සම්පත් කළමනාකරණ විශේෂඥ ඇන්ඩර්ස් ජෙන්සන්, දේශපාලනඥන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ගාල්ල, රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික් තුනකට මායිම්ව පිහිටා ඇති සිංහරාජ ජෛවගෝල රක්ෂිත වනාන්තරය හෙක්ටයාර 11 187ක් පුරා පැතිර පවතිනවා.

මෙරටට ආවේනික ශාක වර්ග 192ක්, දුර්ලභ ශාක වර්ග19ක් සහ ජාතික මට්ටමින් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ශාක වර්ග 30ක් ද ගෝලීය මට්ටමෙන් වඳවී යාමේ තර්ජනයට මුහුණපා ඇති ශාක වර්ග 116ක් ද මෙහි දක්නට ලැබෙනවා.

මෙරටට ආවේණික ක්ෂීරපායී විශේෂ 07ක් පක්ෂී විශේෂ 25ක්, උරග විශේෂ 21ක් උභය ජීවීන් 28ක් සහ මත්ස්‍ය විශේෂ 11ක් මෙහිදී හමුවනවා.

WhatsApp Image 2023 09 10 at 5.58.14 PM 1
WhatsApp Image 2023 09 10 at 5.58.13 PM 1
WhatsApp Image 2023 09 10 at 5.58.12 PM 1 1
WhatsApp Image 2023 09 10 at 5.58.12 PM 2
WhatsApp Image 2023 09 10 at 5.58.11 PM 1
WhatsApp Image 2023 09 10 at 5.58.11 PM
WhatsApp Image 2023 09 10 at 5.58.10 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩිපුර වන්දි ගන්න ඒ ගෙවල්වල මැණික් තිබ්බා කියලා දාලා
08:03
Video thumbnail
පක්ෂ දෙක එකතු වෙනවට හිරුණිකා කැමති නෑ - උම්මත්තක සංවිධායකවරියක්
11:41
Video thumbnail
ගෙවල් ගිනි තියපු අයගේ ලැයිස්තුව අපි හෙළිකරන්නම්
12:57
Video thumbnail
ඇල්ටෝ එකක් ලක්ෂ 60යි - විට්ස් ගේන්නේ නෑ
09:04
Video thumbnail
ආණ්ඩුවේ නොහැකියාවට චන්දිම වීරක්කොඩි රිදෙන්නම දෙසයි.
03:59
Video thumbnail
වන්දි මුදල් ලබා ගැනීමේ අරමුණින් - ගෙවල් තමන් විසින්ම ගිනි තියා ගත්තද?
10:01
Video thumbnail
ප්‍රදීප් නිලංග දෑලගේ පැටිකිරිය එළියට - දළඳා මාලිගාවේ රත්තරං පිළිම 28ක් අතුරුදන් ?
04:38
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
27:01
Video thumbnail
අස්වැසුම ලාභීන්ට පෝලිමේ ඉන්න වෙනවා? මෙන්න අලුත්ම අනාවරණය
14:01
Video thumbnail
ගොවි බිමටම ගිහින් ගොවියන්ට කියලා දීපු පාඩම
05:44

?