AFC Banner
Empty Ad
Empty Ad

පාස්කු ප්‍රහාරකයන්ගේ ඡායාරූප යොදා ‘ව්‍යාජ ඡායාරූප හැදුවේ’ මන්ත්‍රීවරයෙක්

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට සම්බන්ධ බෝම්බකරුවන්ගේ ඡායාරූප හා ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ඡායාරූප එකතු කර ව්‍යාජ ඡායාරූප සකසා අන්තර්ජාලයට මුදා හැරි බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මාතලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයකු ලබන 23 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඊයේ (17) නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබුණා.

සැකකරු වෙනුවෙන් නීතිඥ ගුණරත්න වන්නිනායක හා නීතිඥ උපුල් ජයසූරිය යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

සැකකරුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කර ඇති අතර මෙකී වරදට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අදාළ වන්නේ කෙසේද යන්න ඔවුහු අධිකරණය හමුවේ විමසා සිටියා.

එහිදී මහේස්ත්‍රාත්වරයා මේ වරද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතට අදාළ වන්නේ කෙසේදැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කර සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලබා නොදීම මත ඉදිරි දින මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?