කොළඹට කුඩු බෙදන කුමාරිගේ චූටා අල්ලයි

කොළඹ ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම මෙහෙයවන තොටළඟ කුමාරි යන අයගේ ප්‍රධාන ගෝලයෙකු වන මාකොළ චූටා නැමැත්තා හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සපුගස්කන්ද පොලිස් වසමේ මාකොළ පාර, කනත්ත හංදියේ දී ඊයේ (07) සිදුකළ වැටලීමක දීයි මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු 50 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර, ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑමි 11යි මිලිග්‍රෑම් 200ක් සොයාගත් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා සපුගස්කන්ද පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කදවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකය (කොළඹ කළාපයේ) නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙංකඩගල අවසන් රන්දෝලි පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක් - පෙරහර සංදේශය ජනපතිට ලබාදීමේ උත්සවය හෙට
02:45
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ? "මාලිමාවේ සභාපති තමයි මේ සේරම කරන්නේ"
08:51
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය - දිරවන්නේ නැතුව සත්තු වේදනා විදිනවා..වසුරුවල සෑහෙන ෂොපින්
03:19
Video thumbnail
බෝක්කු උඩ, පාලම්ගාව දෙන වොයිස් කට්වලින් අධිකරණ තීරණ ගන්නේ නෑ - විපක්ෂයට සැර සත්තමක්
01:56
Video thumbnail
"අනේ වැව්වල මල් නෑ - සේරම හිදිලා ගිහිල්ලා" මල් හිඟවීම නිසා මල් විකුණා ජීවිකාව ගෙනයන පවුල් අසරණවෙයි
02:20
Video thumbnail
අද විපක්ෂය පදිරිවෙලා, හික් ගෑවිලා ඉන්නේ - ආණ්ඩුව කරපුවා කියන්න විපක්ෂය ලැජ්ජයි
04:45
Video thumbnail
දැඩි වියලි කාලගුණය නිසා කුඩා වැව් සිදී යයි - ගවයින් ජලය නොමැතිව අසරණ වී සිටින අයුරු
00:56
Video thumbnail
වැඩිහිටියන් දෙසීයකට අධික පිරිසකට තරුණයෙක් කළ උතුම් පිංකම - "බොහොම සතුටුයි පුතේ..පිං ලැබෙන්න ඕනි"
03:17
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න..ජනෙල් කඩලා ගින්න නිවපු හැටි
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01